‘කොවිඩ්-19’ ව්‍යවසනයෙන් බලපෑමට පත් ව්‍යාපාර හා පුද්ගලයන්ට සහන ලබාගැනීම සඳහා අයඳුම්පත් යොමු කිරීමට ලබා දී තිබූ කාලසීමාව ලබන 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
කොරෝනා වයිරසයෙන් ඇති වී තිබෙන බලපෑම හේතුවෙන් මූල්‍ය ආයතනවල ඇතැම් ගනුදෙනුකරුවන්ගේ මුහුණපා ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ගනුදෙනුකරුවන්ට ණය සහ 4%ක වාර්ෂික පොලී අනුපාතය යටතේ මාස දෙකක කාරක ප්‍රාග්ධන ණය පහසුකම් ලබාගැනීම සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබා දී තිබිණි.
එහි අවසාන දිනය අප්‍රේල් මස 30 ලබා දී තිබිණි. එය මැයි මස 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
අප්‍රේල් 28 වැනිදා නිකුත් කරන ලද 2020 අංක 06 දරණ චක්‍රලේඛය මඟින් අදාළ කාලසීමාව දීර්ඝ කර ඇත.
055

COMMENTS
මිනිසුන් ණය ගෙවන්නේ කෙසේද? බැංකු ණය අය නොකර තැන්පත්කරුවන්ට පොළී ගෙවන්නේ කෙසේද?තවද බැංකු කාර්ය මණ්ඩල වලටද වැටුප් ගෙවිය යුතුය. මෙකී තත්වය තවදුරටත් මාස කිහිපයක් පැවතුනහොත් සමස්ත ආර්ථිකයම වලපල්ලට යනු ඇත. මෙය සාපයකි. නැවතත් මුල සිටම පටන්ගත යුතුව ඇත.මේ තාක් කල් අප ගිය ගමන වැරදිය.
කාරක ප්‍රාග්ධනය කිව්වට සේවක පඩි ගෙවන්න විතරයි බැංකුවලින් නය දෙන්නේ...
වැඩ බැරි ටාසන්ලගේ මාස 5 හේ කෙරුවාවෙන් හා කොරෝන විසින් ඇතිකළ තත්වය තුල 30වසරක යුද නිමාවේ සැබෑ නායකත්වය හා දැක්ම වුයේ ෆොන්සේකා ඇතුළු ත්‍රිවිද හමුදාව බව මොනවට අපිට පසක් උන වගයි. ගෝඨා වට කොට සිටින බොහෝ දෙනෙකුගේ කෙරුවාවල් මාධ්‍ය සංදර්ශන හා කුලියට ලියන ලද පොත් මගී මවන ලද්දාවූ බොරුවක්ම බව ජනතාවට වටහා ගැනීමට තව අටුවා ටීකා නම් කුමකටද?