IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සිවුවැනි මාසයටත් ව්‍යාපාරික විශ්වාසය ඉහළට

 

  • ​දර්ශකය ලකුණු 24කින් ඉහළ ගිහින්

ව්‍යාපාරික විශ්වාසය මනින දර්ශකය, අඛණ්ඩව සිව්වැනි මාසය සඳහා ඉහළ යෑමක් පෙන්නුම් කර ඇතැයි ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාවේ පෙබරවාරි කලාපයේ සඳහන් වෙයි.

ජනවාරි මාසයේදී, LMD-PEPPERCUBE (පෙපර් කියුබ්) ව්‍යාපාර විශ්වාසනීය දර්ශකය (BCI) ලකුණු 24 කින් ඉහළ ගිය අතර, එය 2015 ජනවාරි මාසයේ සිට ඉහළම ස්ථානය සනිටුහන් කළ බව LMD සඟරාව පැහැදිලි කරයි. 2015 සැප්තැම්බර් මාසයේදී, මහ මැතිවරණයකින් පසුවද වාර්තා කරන ලද 204 හි සර්වකාලීන ඉහළම මට්ටමට ළඟා වුණු බව LMD සඟරාව පැහැදිලි කරයි.

“දර්ශකය දැන් එහි ඓතිහාසික මධ්‍ය අගය වන 123 ට වඩා ලකුණු 75 කින් ඉහළ ගොස් ඇති අතර එහි මාස 12 ක සාමාන්‍ය 119 ට වඩා ඒකක 79 කින් වැඩිය. BCI පසුගිය වසරේ එම අවස්ථාවේදීම පදනම් ලකුණු 82ක් විය.” යැයි LMD සඟරාවේ සටහන් වී ඇත. 

පෙපර් කියුබ් කන්සල්ටන්ට්ස් පෙන්වා දෙන ආකාරයට, විදේශ විනිමය සංචිත වැඩිදියුණු කිරීම සහ සෞඛ්‍ය සම්පන්න වෙළෙඳ ශේෂය, අඩු වූ මුදල් අස්ථාවරත්වය සහ අපනයන ක්‍රියාකාරකම් වැඩිවීම මගින් සංවේදනය ඉහළ නංවා ඇත. 

“ඉදිරි අයවැය ව්‍යාපාරික ප්‍රජාවට බලපාන ආකාරය නුදුරු කාලීනව දර්ශකය මෙහෙයවීමට ප්‍රධාන වනු ඇත.” යැයි සඟරාවේ ප්‍රකාශකයෙක් තවදුරටත් මෙසේ පැහැදිලි කර තිබේ. 



අදහස් (0)

සිවුවැනි මාසයටත් ව්‍යාපාරික විශ්වාසය ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site