නිමල කොඩිතුවක්කු
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා කටයුතු වලට අදාළව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා වන සම්මුතිය (බීජිං සම්මුතිය, 2010) මෙරට බලාත්මක කිරීම පිණිස නීති පැනවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මරණයක්, බරපතළ ශාරීරික තුවාල කිරීමක් හෝ බරපතළ හානියක් සිදු කිරීම සඳහා සිවිල් ගුවන් යානාවක් භාවිත කිරීම, යම් කිසි ජෛව විද්‍යාත්මක, රසායනික භෝ න්‍යෂ්ටික අවියක් හෝ ද්‍රව්‍යයක් මුදා හැරීම සඳහා සිවිල් ගුවන් යානාවක් භාවිත කිරීම, යම් කිසි ජෛව විද්‍යාත්මක, රසායනික හෝ න්‍යෂ්ටික අවියක් හෝ එවැනි සමාන ද්‍රව්‍යයක් ගුවන් යානාවක් තුළ හෝ සිවිල් ගුවන් යානාවකට එරෙහිව භාවිත කිරීම වැනි ක්‍රියා අපරාධ වශයෙන් නම් කරමින් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා කටයුතු වලට අදාළව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා වන සම්මුතිය (බිජිං සම්මුතිය, 2010) 2010-09- 10 දින බීජිංහි පැවති ගුවන් නීතිය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී සම්මත කර ගනු ලැබ ඇත.
එවැනි අපරාධ දැනට මෙරට බලාත්මක 1996 අංක 31 දරන ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා කටයුතු වල නිරුපද්‍රිත භාවයට එරෙහි නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීමේ පනතේ විධි විධාන වලින් ආවරණය නොවන බැවින්, බීජිං සම්මුතිය බලාත්මක කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2022-05-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සිවිල් ගුවන් සේවා බීජිං සම්මුතිය බලාත්මක කිරීමට නව නීති