IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


සෙලින්කෝ ලයිෆ් මූල්‍ය වාර්තාකරණයට සන්නාම විශිෂ්ටත්වයට සම්මාන 13ක්

මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන 11ක් සහ සන්නාම විශිෂ්ටත්වය ^Brand Excellence& වෙනුවෙන් සම්මාන දෙකක් වශයෙන් මුළු සම්මාන 13ක් දිනා ගනිමින් සෙලින්කෝ ලයිෆ් 2024 වර්ෂය ජයග්‍රාහී ලෙස අවසන් කර ඇත. 

සමාගමේ 2023 වර්ෂයේ වාර්ෂික වර්තාව, ශ්‍රී ලංකා ජාතික වෘත්තීය කළමනාකරණ ගිණුම්කරණ ආයතනය, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය, දකුණු ආසියානු ගණකාධිකරණ සම්මේලනය සහ MerComm Inc. ප්‍රදානය කරන ARC සම්මාන දිනා ගනිමින් කීර්තිමත් දේශීය සහ ජාත්‍යන්තර සමාගම් හතරක ඇගයීමට පාත්‍ර විය.

2024 CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේ දී ‘විශිෂ්ට ඒකාබද්ධ වාර්තා 10 න් එකක් ලෙස සෙලින්කෝ ලයිෆ්හි ‘The Core of Trust,’ නම් වූ 2023 වර්ෂයේ ඒකාබද්ධ වාර්ෂික වාර්තාව හඳුනාගත් අතර එයට රක්ෂණ අංශයේ රිදී සම්මානය හිමි විය. ශ්‍රී ලංකාවේ ජාතික වෘත්තීය කළමනාකරණ ගිණුම්කරණ ආයතනය වන්නේ CMA ශ්‍රී ලංකා ආයතනයයි.

වර්තමානයේ ~TAGS| Awards ලෙස සන්නාමකරණයට ලක් වූ CA ශ්‍රී ලංකා වාර්ෂික වාර්තා සම්මාන උළෙලේ එම වාර්ෂික වාර්තාව රක්ෂණ අංශයෙන් රිදී සම්මානයක් දිනා ගත් අතර ආයතනික පාලනයට අදාළ අනාවරණ වෙනුවෙන් ලෝකඩ සම්මානයක් ද, තිරසාර වර්තාකරණය, ඒකාබද්ධ වාර්තාකරණය සහ ඩිජිටල් පරිවර්තනයේ වාර්තාකරණය වෙනුවෙන් සහතික පත් තුනක් ද දිනා ගන්නා ලදී.

ගෝලීය වශයෙන් පිළිගත් ARC සම්මාන උළලේදී සෙලින්කෝ ලයිෆ් විසින් ‘ග්‍රැෆික් නිර්මාණ’ සඳහා රන් සම්මානයක් ද ‘රචනය’ සහ ‘විශේෂී වාර්ෂික වාර්තාව’ සඳහා ලෝකඩ සම්මාන දෙකක්ද දිනා ගන්නා ලදී. 
දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනයේ සම්මාන උත්සවයේ ජීවිත රක්‍ෂණ අංශයෙන් හොඳින්ම ඉදිරිපත් කළ වාර්ෂික වාර්තාව වෙනුවෙන් SAFA ලෝකඩ සම්මානය දිනා ගැනීම සෙලින්කෝ ලයිෆ් මෙම වසර අවසානයේ ලැබූ තවත් සුවිශේෂී ජයග්‍රහණයකි. 

මෙම සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳ අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් හි කළමනාකාර අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී තුෂාර රණසිංහ මහතා මෙසේ පැවසීය: “වාර්ෂික වාර්තාව සඳහා අප ලබා දෙන වැදගත්කම සහ ව්‍යාපාරයේ සියලු‍ අංශවල විනිවිදභාවය පවත්වාගෙන යාමට අප විසින් කරනු ලබන කැප කිරීම කවුරුත් පිළිගන්නා කරුණක්. අපගේ වාර්ෂික වාර්තාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සහ සියුම් ලෙස පරික්ෂාවට ලක් වී තිබීම හේතුවෙන් මෙම සම්මාන සියලු‍ම පාර්ශවකරුවන්ගේ ඇගයීමට ලක්වනු ඇත.”

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය ^SLIM& විසින් පිරිනමන ලද 2024 සන්නාම විශිෂ්ටතා ^Brand Excellence& සම්මාන උලෙළේදී සෙලින්කෝ ලයිෆ් ‘වසරේ දේශීය සන්නාමය’ සඳහා රිදී සම්මානයත් සහ ‘වසරේ සේවා සන්නාමය’ සඳහා ලෝකඩ සම්මානයත් යන සම්මාන ද්විත්වය දිනාගැනීමෙ‍න් රටේ ප්‍රමුඛතම සන්නාමයක් ලෙස යළිත් තහවුරු විය.



අදහස් (0)

සෙලින්කෝ ලයිෆ් මූල්‍ය වාර්තාකරණයට සන්නාම විශිෂ්ටත්වයට සම්මාන 13ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 139 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 610 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1026 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site