
සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සංවිධානය කරනු ලබන ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන් ලෙස තේරී පත් වූ සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට 2025 වර්ෂයේදී සංචාරක අපේක්ෂා සැබෑවක් බවට පත් වී ඇත.
ෆැමිලි සවාරි 18 වැනි සංස්කරණයේ මහා දිනුම් ඇදීමේදී රක්ෂණ ඔප්පු හිමි පවුල් පහක් චීනය වෙත සියලු වියදම් සහිත සංචාරයක් දිනා ගත් අතර තවත් පවුල් 10ක් මැලේසියාවට එවැනිම සංචාරයක් දිනා ගත්හ. මීට අමතරව, බණ්ඩාරගම පර්ල් බේ තේමා උද්‍යානයේ දිනක විනෝද චාරිකාවක් සඳහා පවුල් 250ක් තෝරා ගන්නා ලදී.
2025 වර්ෂයේ චීනයෙහි නිවාඩුව දිනාගත් වාසනාවන්ත සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමි පවුල් පහ පිළියන්දල, කොළඹ උතුර, මඩකලපුව සහ අම්බලන්ගොඩ (පවුල් 2ක්) ප්‍රදේශවල පිරිස් බව සමාගම පවසයි.
දිනුම් ඇදීමෙන් සමස්තයක් ලෙස, සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමි පවුල්වල සාමාජිකයන් 1060කට විදේශ සංචාර සහ මෙරට විනෝද චාරිකාව සඳහා අවස්ථාව උදා විය. අද වන විට ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම පුද්ගලයන් 36,000කට අධික පිරිසක් ෆැමිලි සවාරි අත්දැකීම් ලබා ගෙන ඇත.
දිනුම් අදින අවස්ථාවේදී සෙලින්කෝ ලයිෆ්හි නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමිත හේමචන්ද්‍ර මහතා ෆැමිලි සවාරි වැඩසටහන ආරම්භ වූ ආකාරය සහ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් උද්ගත වූ ගැටලු, කොවිඞ් 19 වසංගතය, ජාත්‍යන්තර සංචාර සීමා කිරීම් සහ ආර්ථික අර්බුදය ඇතුළු අභියෝග රැසක් මධ්‍යයේ වුවත් අඛණ්ඩව මෙම වැඩසටහන පවත්වාගෙන පැමිණි ආකාරය සිහිපත් කළේය. ෆැමිලි සවාරි වැඩසටහන රක්ෂණ ඔප්පු හිමියන් අතර අත්දැකීම්වලින් සබඳතා ගොඩනගා ගැනීමටත්, පවුලේ සාමාජිකයන් සමඟ ගුණාත්මක කාලයක් ගත කිරීමට සහ සෙලින්කෝ ලයිෆ් සන්නාමය ගොඩනගා ගැනීමටත් උපකාර කර ඇති බව ඔහු පැවසීය.
මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ මීට පෙර සුපිරි ත්‍යාගය දිනාගත් රක්ෂණ ඔප්පු හිමියන්ට ඕස්ට්‍රේලියාව, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ජපානය, ප්‍රංශය, සහ තුර්කිය යන රටවලට සංචාරය කිරීමේ අවස්ථාවත් අනිකුත් ජයග්‍රාහකයන්ට චීනය, ඩුබායි මැලේසියාව සහ සිංගප්පූරුව යන රටවල සංචාරය කිරීමේ අවස්ථාවත් උදාවිය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෙලින්කෝ ලයිෆ් ඔප්පුහිමියන්ට 2025 දීත් ‘ෆැමිලි සවාරි