IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


සරල කරන ලද බදු ක්‍රමය අහෝසිය ප්‍රමාද කරන්න - ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය

දිනේෂ් සමරකෝන්

ප්‍රතිපූර්ණ යාන්ත්‍රණය නිසිලෙස ක්‍රියාකාරී වන තුරු සරල කරන ලද බදු ක්‍රමය (SVAT) අහෝසි කිරීම ප්‍රමාද කරන ලෙස ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය රජයෙන් ඉල්ලා සිටී.

සරල කරන ලද බදු ක්‍රමය (SVAT) අහෝසි කිරීම ලබන ඔක්තෝබර් 01 වැනිදා සිටි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති අතර, ඒ අනුව එම සංසදය ඊයේ (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදාළ ඉල්ලීම් ඉදිරිපත් කළේය.

එමෙන්ම මෙම තීරණය ගැනීමට පෙර ඩිජිටල් කරණ ක්‍රියාවලිය ගෙන ඒමට කටයුතු කරන මෙන්ද ඔවුහු මෙහිදී ඉල්ලා සිටියහ.

මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන දින සිට අපනයන කරුවන් විසින් ගෙවන ලද වැට් බදු ප්‍රතිපූර්ණය දින 45ක් තුළ හිමි විය යුතු වුවද, ඊට අදාළ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම පිළිබඳ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලබා දුන් එකඟතාව ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන ආකාරය පිළිබඳ පෙරහුරුවක් සිදු නොකළ බැවින් ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදයේ දැඩි අවධානය ඊට යොමුව ඇති බවද ඔවුහු සඳහන් කළහ.

ජාතික අපනයන කරුවන්ගේ මණ්ඩලයේ මහලේකම් ෂිහාම් මරික්කාර් මෙසේ පැවසීය. මේක අපනයනකරුවන් දිරිගන්වන්න කරන ප්‍රතිපත්තියක් නෙවෙයි. මෙතනින් වෙන්නේ ඍණාත්මක බලපෑමක්. අපේ අපනයනකරුවන් අපනයනය කරන්නේ විශාල බරක් දරාගෙන. මේක තවත් දිරිගන්වන්න ඕන.

ශ්‍රී ලංකා ඇඟලු‍ම් අපනයනකරුවන්ගේ සංගමයේ (SLAEA) සභාපතිනි රජිතා ජයසූරිය අදහස් දත්වමින් මෙසේ පැවසුවාය. ආණ්ඩුව කියනවා අපනයන ඉලක්කම වැඩි කරන්න ඕන කියලා. ඒත් අපේ විදුලි වියදම ඉහළය. ඇමරිකාවෙන් පනවපු තීරු බදු නිසා සියයට 20ක් තීරු බදු ගෙවන්න ඕන. ඒ වගේ දෙයක් වුණාම අපිට තිබෙන පීඩනය ඉතාමත් වැඩියි. ඒ වගේ තත්වයක් තුළ සියයට 18ක් බදු ගෙවන එක නෙවෙයි ප්‍රශ්නය. අපි කවදාවත් කිව්වේ නෑ බදු ගෙවන්න බෑ කියලා. නිවැරදි මුදල් ආපසු ගෙවීමේ පද්ධතියක් (Refund system) දෙන්න කියලයි අපි කියන්නේ. අපිට දැන් තිබෙන සිස්ටම් එක විශ්වාසයක් නෑ. ආණ්ඩුවෙන් ලැබෙන සහයෝගය මදි.

රජය අපනයන ගැන අවධානය යොමු කර තිබෙන නිසා තමන්ට සහයෝගයත් ලැබෙන බවත් SVAT සම්බන්ධයෙන් සහයෝගයක් නොලැබෙන බවත් ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ මහලේකම් ෂිහාම් මරික්කාර් මහතා පැවසීය.

තව ටික කාලයක් මේ ක්‍රියාවලිය කල් දැමිය යුතු බවත් අයි.එම්.එෆ්. එක ඉදිරිපත් කරඇති ඩිජිටල් ටැක්ස් කොන්දේසියෙන් ආණ්ඩුවේ ආදායම් වැඩි කරගත හැකි බවත් මරික්කාර් මහතා පැවසීය.

ශ්‍රී ලංකා රබර් නිෂ්පාදකයන්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමයේ (SLAMERP) සභාපති පුෂ්පික ජනධීර මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. අපි කරන්නේ රජය දැනුවත් කිරීමක්. රජය පිළිගන්න ඕන මේ සම්බන්ධයෙන් විශේෂඥ දැනුම තියෙන්නේ අපේ අයට බව. මාසෙකින්, මාස 06කින්, අවුරුද්දකින් මොකක්ද වෙන්න පුළුවන් දේ කියලාඅපි දන්නවා. අපනයන දිරිමත් කිරීමක් අවශ්‍ය නම්, අපනයනකරුවන් හම්බකරන මුදල් ආයේ ව්‍යාපාර තුළට ආයෝජනය කරන්න අවශ්‍ය බව රජය තේරුම් ගන්න ඕන. ඒත් මේකෙන් වෙන්නේ හැම මාසෙම ඒ වැට් ප්‍රමාණය අරන් ඒක ආපසු ලබා දෙන්න බැරි වුණොත් බිස්නස් එක කරගෙන යන්න පුළුවන් මුදලක් ඉතිරි වෙන්නේ නෑ. සරලව කියනවා නම් බිස්නස් එක කරන් යන්න සල්ලි නැති වෙනවා. අපි කියන්නේ අර්බුදය පැන නගින්න කලින් නිසි ලෙස අධ්‍යයනයක් කරලා, ඩිජිටල් සිස්ටම් එකක් ගෙනත් මිනිස්සු මත යැපෙන්නේ නැති තත්වයක් ඇති කරන්න.



අදහස් (0)

සරල කරන ලද බදු ක්‍රමය අහෝසිය ප්‍රමාද කරන්න - ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32964 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15596 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10042 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 122 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 194 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 498 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site