IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සරල කරන ලද එකතු කළ අගය මත බදු අහෝසිය අපනයන වෙළෙඳ ආයතනවලට තර්ජනයක්

විමුක්ති එස් රුද්‍රිගු

සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය අහෝසි කිරීමත් සමග තරගකාරීත්වය පවත්වාගෙන යාමට ඇමෙරිකාවේ “ෆස්ට් සේල් ෆෝ එක්ස්පෝට්”‍ රීතියට අනුකූල වන ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳ ආයතනවලට මෙරට හැර යාමට සිදුවනු ඇතැයි ඇඟලු‍ම් අපනයනකරුවෝ අනතුරු අඟවති.

“ෆස්ට් සේල් ෆෝ එක්ස්පෝට්”‍ රීතිය යනු අවසන් විකුණුම් මිලට වඩා පළමු විකිණීමේ මිල මත පදනම්ව ආනයනික භාණ්ඩ වටිනා රේගුව විසින් තීරණය කරනු ලැබීමේ වෙළෙඳ පිළිවෙතයි.

සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය අහෝසි කිරීමත් සමග ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳ ආයතනවලට එකතු කළ අගය මත බද්ද ගෙවීමට සිදුවේ. එමගින් එම ආයතනවලට අමතර මූල්‍ය බරක් එකතු වන අතර ගෙවූ මුදල් ආපසු ලබා ගැනීම සඳහා නැවතත් ලිපිගොනු ඉදිරිපත් කිරීමට සිදුවීම හේතුවෙන් අමතර වියදමක් මෙන්ම කාලයක් වැය කිරීමට ද සිදුවේ.

අපනයන වෙළෙඳ ආයතන 12 ක් මේ වනවිට ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු සිදු කරන බවත් මෙරට අපනයනවලින් සියයට 50 කට එම ආයතන වගකියන බවත් ඒකාබද්ධ ඇඟලු‍ම් අපනයන සංසදයේ මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා පසුගියදා පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය. මෙම ගැටලු‍වට විසඳුමක් ලෙස අපනයන වෙළෙඳ ආයතන විදේශ රටවල් වෙත රැගෙන යාමට කර්මාන්තයට සිදුවනු ඇතැයි ඒ මහතා පැවැසුවේය. 



අදහස් (0)

සරල කරන ලද එකතු කළ අගය මත බදු අහෝසිය අපනයන වෙළෙඳ ආයතනවලට තර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 102 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site