සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් (පෞද්ගලික) සමාගමල පසුගිය නොවැම්බර් මාසයේ පැවති ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් පිරිනමන ලද 2023 ශ්‍රී ලංකා ජාතික තත්ව සම්මාන උළෙලේදී (SLNQA) මධ්‍ය පරිමාණ නිෂ්පාදන සංවිධාන කාණ්ඩය යටතේ කුසලතා සම්මානයක් දිනාගන්නට සමත් විය.
2023 SLNQA උළෙලේ සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් ලැබූ මෙම ජයග්‍රහණයල ජාත්‍යන්තර හොඳම ප්‍රමිති සහ පිළිවෙත් සම සමාගම සිදු කරන කැපවීම ඉස්මතු කරන්න අතරමල ලංකාවේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ සමාගම දිනා ඇති විශ්වසනීයත්වය ද තහවුරු කරයි.
අඛණ්ඩ වර්ධනය, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ ගුණාත්මක නායකත්වයෙන් දේශය පෝෂණය කිරීම’ වෙනුවෙන් සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගම ගෙන යන නොසැලෙන මෙහෙවරට මෙම ඇගයුම මනා සාක්ෂියකි. පැහැදිලි දැක්මක් ඔස්සේ කටයුතු කරන සමාගම්වල ක්‍රියාවලි තුළ ඇති ශක්තිමත් බවල ශ්‍රම බලකාය බලගැන්වීමල පාරිභෝගික තෘප්තිය වැඩි කිරීම හා නිෂ්පාදන අංශයේ නව ප්‍රවණතා ඇති කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් ආයෝජනය කර ඇත.
ගනුදෙනුකරුවන්ට ඉහළම ගුණාත්මක ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන ලබා දීම වෙනුවෙන් සමාගම අඛණ්ඩව පෙන්නුම් කළ විශිෂ්ටත්වය සහ කැපවීම මෙම සම්මානයෙන් ද නැවතත් සනාථ වී ඇත. ඊට අමතරව, සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගම තම ස්ථාවරය තවදුරටත් ඉහළ නැංවීමට මෙන්ම ගෝලීය තරගකාරිත්වය කරා ලංකාව යන ගමනට දායක වීමට ද මෙම ඇගයුම විසින් දිරි බලයක් සපයයි.
ඩුබායි හි මූලස්ථානය පිහිටි Al Ghurair සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ලිමිටඩ් (SFML) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ පවුල් ව්‍යාපාරවලින් එකකි.
පසුගිය වසර 17 පුරාවටම සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගම දේශය පෝෂණය කිරීමේ’ අරමුණ පෙරදැරිව ජාතියේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටී. නවීනතම Swiss Buhler තාක්ෂණය භාවිත කිරීම ඇතුළු විශේෂාංග රැසක් සමග ලාංකික වෙළෙඳපොළට නවෝත්පාදන පෙළක් හඳුන්වා දෙමින්, 7Star සන්නාමය යටතේ හොඳම තත්වයේ තිරිඟු පිටි බෙදා හැරීමට සමාගම කටයුතු කරයි.
SLNQAයනු ලංකාවේ ප්‍රමුඛතම ජාතික සම්මාන’ උළෙලක් වන අතර එය තත්ව කළමනාකරණය සහ කාර්යසාධන විශිෂ්ටත්වය පෙන්නුම් කරයි. මෙය ඇමරිකා එක්සත් ජනපදයේ Malcolm Baldrige ජාතික තත්ව සම්මාන උළෙලේ (MBNQA)ගෝලීය වශයෙන් පිළිගත් නිර්ණායක මත පදනම් වූ සම්මාන උළෙලකි.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් විශිෂ්ටත්වය ජාතික තත්ව සම්මාන උළෙලේදී ඇගයේ