IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සියරට හර්බල්ස් 25 වැනි සංවත්සරය සමරයි

මහනුවර පල්ලෙකැලේ සියරට හර්බල්ස් 25 වැනි සංවත්සරය උත්සවාකාරයෙන් සමරයි. පාරම්පරික වෛද්‍යවරයකු වන රංජන් මුහන්දිරම් මහතා 2000දී ඇරැඹූ සියරට හර්බල්ස් සහ සියරට පාරම්පරික රෝහල වෛද්‍ය උරුමය සුරකිමින් විශිෂ්ට රෝගී සත්කාර සේවා සපයයි.
 ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වී ඇති මුහන්දිරම් වෙද මහතා පැවැත එන්නේ දෙවුන්දර ප්‍රදේශයේ වෙද පරම්පරාවකිනි. ඔහුගේ පියාගේ පරම්පරාව සර්වාංග රෝගවලට ප්‍රතිකාර කිරීමට ප්‍රසිද්ධියක් උසුලන අතර ඔහුගේ මවගේ පරම්පරාව වන ගලගම වෙද පරම්පරාවද සියවස් ගණනාවක් පුරා විස වෙදකමට සහ ඇස් වෙදකමට ප්‍රසිද්ධියක් උසුලයි. මෙම වෙද පරම්පරා දෙක සතු පාරම්පරික දැනුමෙන් රට පුරා ජනතාවට සේවය කිරීමේ අරමුණෙන් සියරට රෝහල ආරම්භ කරන ලදී.
 රෝගීන්ට සපයන සෑම ඖෂධයක්ම එම පරම්පරාවලට ආවේණික වට්ටෝරු අනුව නිපදවන අතර සියරට හර්බල්ස් ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව මහනුවර පල්ලෙකැලේ පිහිටා තිබේ. සියරට හර්බල්ස් ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව 2000දී ඇරැඹුණත් මුහන්දිරම් මහතා රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ ඊට බොහෝ කාලයකට පෙර සිටය. සියරට රෝහල සහ ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව දේශීය හා විදේශීය සම්මාන, ගෞරව නාම, සහතික පත්‍ර 100කට අධික සංඛ්‍යාවකින් පිදුම් ලබා ඇත. 2023දී හිමි වූ සුව සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටම සේවා සපයන්නා සඳහා වන රන් සම්මානය සහ එම වසරේදීම පැවති ජනාධිපති සම්මාන උළෙලේදී හිමි වූ විශිෂ්ටම ව්‍යවසායකයා සම්මානය ඒ අතරින් ප්‍රධාන වේ. 



අදහස් (0)

සියරට හර්බල්ස් 25 වැනි සංවත්සරය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 276 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 780 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site