මෝටර් රථ අමතර කොටස් සහ උපාංග මිලදී ගැනීමට වැඩි ජනප්‍රියත්වයක් උසුලන්නේ කොළඹ පංචිකාවත්ත ප්‍රදේශයයි. එහෙත් වාහන අමතර කොටස් මිලදී ගැනීමට පංචිකාවත්තට අමතරව දිවයින පුරා බොහෝ නම් දරාපු ස්ථාන පවතී. ඒ අතරින් අපි ළඟා වූයේ මහරගම වෙළෙඳ නගරයේ වාහන අමතර කොටස් වෙළෙඳසලක් වූ සචින් ඔටෝ පාර්ට්ස් වෙතයි. මේ දිනවල බිස්නස් පිළිබඳව එහි හිමිකරු වූ චින්තක හෙට්ටිගේ මහතා අදහස් දැක්වූයේ මෙසේය.
Q මේ දිනවල බිස්නස් කොහොමද?
අපි කරන්නේ අමතර කොටස් ව්‍යාපාරයක්. වාහන අමතර කොටස් ආනයනය කරලා ලංකාවටම සපයනවා. අපි අවුරුදු 15 ක් බිස්නස් කරනවා. බිස්නස් හොඳ කාලයක් තිබ්බා. අපි කොරෝනා කාලෙත් හොඳට බිස්නස් කළා. එහෙත් දැන් අවුරුද්දක් දෙකක් තිස්සෙම බිස්නස් පසුබෑමකට ලක් වෙලා තියෙන්නේ. බිස්නස් අඩුයි කියන්නේ බොහෝම අඩුයි. සියයට 80කින් විතර බිස්නස් අඩු වෙලා තියෙන්නේ. මේ මාසේ තිබ්බ බිස්නස් ගැන බිල් පොත බැලුවානම් තේරෙනවා. මේ දවස් 29 ට දවස් 7ක් වගේ තමයි බිස්නස් වෙලා තියෙන්නේ.
Q බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
මේක හරිම අමාරු කාලයක්. අපිට විතරක් නෙමෙයි හැමෝටම. මේ වීදීයේ කඩ 168 ක් තියනවා. ඒ හැමෝටම බිස්නස් අඩුයි. කිසිම බඩු මුට්ටුවක් විකිණෙන්නේ නෑ. දැන් ගොඩක් අය තමන්ගේ වාහන ගෙදර තියලා පොදු ප්‍රවාහන සේවාවලට හුරු වෙලා ඉන්නේ. මොකද වාහන නඩත්තු වියදම් වැඩි නිසා වාහන ධාවනය කරන්නේ නෑ. ඒ නිසා අමතර කොටස් විකිණෙනවා හරිම අඩුයි. පාරිභෝගිකයන් ආවත් ඒ අයත් ඇවිල්ලා මිල අහලා යනවා විතරයි ගන්නේ නෑ. ඒකට ප්‍රධාන හේතුව රථ වාහන ධාවනය අඩු නිසා වාහන අනතුරු වගේම වාහන නඩත්තු වෙන්නෙ නෑ. වාහන නඩත්තු වීම් අඩුයි කියන්නේ අපිට බිස්නස් අඩුයි කියන එක.
අපිට බිස්නස් අඩු වෙන්න වාහන මිල ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම වගේම අමතර කොටස් මිල ගණන් ඉහළ යාමත් බලපානවා. අපි නම් සුළු පරිමාණෙන් බිස්නස් කරන අය. මහ පරිමාණෙන් බිස්නස් කරන අයටත් මේක බලපාලා තියෙන්නේ. සේවකයෝ දහය පහළොව වැඩකරන තැන් තියනවා. ඒ වගේ ලොකු බිස්නස් ගෙනියන්න තව අමාරුයි. මොකද සේවක වැටුප්, කඩ කුලී ගෙවන්න ඕනනේ. මේ ලබන ආදායමෙන් ඒවා කරන්න අමාරුයි. ඇත්තමට වාහනවලයි වාහන අමතර කොටස්වලයි මිල වැඩි වෙන්න හේතුව අධික බදු ගැසීම. අපි ඉල්ලන්නෙ මේ බදු අඩු කරන්න කියලා.
ශෂිකා අබේරත්න
ඡායාරූප-ජයමාල් චන්ද්‍රසිරි
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියයට 80කින් විතර බිස්නස් අඩු වෙලා