IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


සියපත ෆිනෑන්ස් නව ප්‍රධාන විධායක නිලධාරී මතීෂ හේවාවිතාරණ

භානුක අමරසිංහ

සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස මතීෂ හේවාවිතාරණ මහතා නම් කරන බව එම සමාගම පවසයි. පසුගිය අගෝස්තු 26 වැනිදා පැවැත්වුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී අදාළ නම් කිරීම ඒකමතිකව ස්ථිර කර තිබේ. එසේම පසුගිය දා මහ බැංකුව ද එම නම් කිරීමට අනුමැතිය ලබා දී තිබේ. 

ඒ අනුව ඔක්තෝබර් 01 වැනිදා සිට ඒ මහතා සියපත ෆිනෑන්ස්හි ප්‍රධාන විධායක නිලධාරී (නම් කළ) ලෙස පත් කෙරෙන බව සමාගම පවසයි. හේවාවිතාරණ මහතා මේ වනවිට එම සමාගමේ ප්‍රධාන ක්‍රමෝපායික නිලධාරීවරයා ලෙස කටයුතු කරයි. මේ වනවිට සියපත ෆිනෑන්ස් පීඑල්සීහි ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ආනන්ද සෙනෙවිරත්න මහතා මෙම වසර අවසානයේදී විශ්‍රාම යෑමත් සමගින් හිස්වන ධුරය සඳහා හේවාවිතාරණ මහතා නම් කර තිබේ. ඒ මහතා සතුව වසර 20කට අධික කාලයක් පුරා මූල්‍ය සේවා කර්මාන්තය තුළ අත්දැකීම් සහිත බව පවසයි. ඒ මහතා සියපත ෆිනෑන්ස් පීඑල්සී වෙත සම්බන්ධ වී ඇත්තේ 2005 වසරේදීය. සියපත ෆිනෑන්ස් සම්පත් බැංකුවේ පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගමකි.

 



අදහස් (0)

සියපත ෆිනෑන්ස් නව ප්‍රධාන විධායක නිලධාරී මතීෂ හේවාවිතාරණ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32984 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15626 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10044 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 141 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 202 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 507 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site