IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සියැට් කැලණි සමාගමට 2025 CNCI Achiever සම්මාන ද්විත්වයක්

සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය ^CNCI& වෙතින් පිරිනමන 2025 CNCI Achiever සම්මාන උළෙලේ දී කීර්තිමත් සම්මාන දෙකකින් පිදුම් ලැබීය. 
‘අති විශාල නිෂ්පාදන අංශය’ යටතේ තරඟ කළ සමාගමට එහි මූල්‍ය ශක්තිය, අගය එකතු කිරීම, ඵලදායීතාව, නව්‍යෝත්පාදනය, තත්වය සහතික කිරීම්, පාරිසරික වගකීම සහ සමාජයීය කැපවීම ඇතුළු කාර්මික කාර්ය සාධනයේ බහුවිධ මානයන් හරහා විශිෂ්ටත්වය අගයන ජාතික රිදී සම්මානය සහ සමස්තයක් ලෙස ඉහළම සමාගම් 10 සඳහා වන සම්මානය හිමි විය.
කාර්මික විශිෂ්ටත්වය අගයන ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය අවස්ථාවක් වන CNCI Achiever සම්මාන උළෙල තුළ ප්‍රධාන මෙහෙයුම් අංශ 12 කටත් වඩා ආවරණය කරන දැඩි නිර්ණායක මත සමාගම් ඇගයීමට ලක් කරයි. එහි 2025 සංස්කරණයේ දී සියැට් කැලණි දිනාගත් සාර්ථකත්වය මගින් අඛණ්ඩව වර්ධනය වීමේ මාවතේ සමාගමේ තවත් සංධිස්ථානයක් සනිටුහන් කරයි. 2013 දී හා 2024 දී CNCI ද සමාගම මෙවැනි සම්මාන දිනා ගත්තේය.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැලණි හෝල්ඩිංග්ස් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෂමල් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය: “නිෂ්පාදන විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ තිරසාරභාවය වෙනුවෙන් අපගේ කණ්ඩායම් දක්වන සාමූහික කැපවීම මෙම සම්මාන මගින් පිළිබිඹු වේ. නිෂ්පාදන සැලසුම්කරණයේ සිට බෙදාහැරීම දක්වා වන සියැට් කැලණි හි සෑම ක්‍රියාවලියක්ම මෙහෙයවන්නේ අපගේ ගුණාත්මකභාවය පදනම් කරගත් කළමනාකරණ දර්ශනය, සහ අපගේ ගනුදෙනුකරුවන්, සේවකයන් සහ පරිසරය කෙරෙහි අප තුළ ඇති ගැඹුරු හැඟීම මගිනි.”
මෙම වසරේ දී CNCI Achiever සම්මාන උළෙලේ දී මෙලෙස ඇගයීමට ලක්වීම සඳහා ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක දී ම සමාගම පෙන්වූ කාර්යසාධනය ඉවහල් විය. සියැට් කැලණි සමාගම විසින් Fitchශ්‍රේණිගත කිරීම මගින් ද ඇගයීමට ලක් වූ ශක්තිමත් මූල්‍ය තත්වයක් පවත්වාගෙන යයි. අඛණ්ඩව සිව්වන වසරටත් ‘AA+(lka)/Stable’ යන දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම සමඟ 2025 මූල්‍ය වර්ෂයේ දී සියැට් කැලණි විකුණුම් පරිමාවේ සියයට 18 ක වැඩි වීමක් සහ 2028 මූල්‍ය වර්ෂය දක්වා සියයට 10 ක සංයුක්ත වාර්ෂික වර්ධන වේගයක් CAGR) ද පුරෝකථනය කර ඇත. 

 



අදහස් (0)

සියැට් කැලණි සමාගමට 2025 CNCI Achiever සම්මාන ද්විත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 102 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2030 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site