ඉදිකිරීම් කර්මාන්තයට බලපා ඇති සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද එම කෂේත්‍රයට සම්බන්ධ කොන්ත්‍රාත්කරුවන් වෙත දැඩි ලෙස බලපා අතැයි ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනයේ (CIOB) සභාපති ආචාර්ය රොහාන් කරුණාරත්න මහතා පවසයි.
පැවැති රජය මගින් 2022 වසරේදී මෙම සමාජ ආරක්ෂණ දායකත්වය බද්ද පැනවීම සිදු විය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ආචාර්ය කරුණාරත්න මහතා, “පැහැදිලිවම 2022 ඔක්තෝබර් 01 වැනිදායින් පසුව අත්සන් කෙරුණු සියලුම කොන්ත්‍රාත්තු මේ සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට යටත් වෙනවා. මේ හේතුවෙන් පාරිභෝගිකයාට සියයට 18ක වැට් බද්දට අමතරව තවත් බද්දක් ගෙවිය යුතු වෙනවා. මේ විදියට අමතර සියයට 2.5ක බද්දක් කොන්ත්‍රාත්කරුවාට ගෙවීම පාරිභෝගිකයන් විසින් ප්‍රතික්ෂේප කිරීම අවාසනාවන්ත තත්වයක් බවට පත්වෙලා.” යනුවෙන් පවසා සිටියි.
විශේෂයෙන්ම සිය ගනුදෙනුකරුවන් මෙම බද්ද ගෙවීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් රජය වෙත එම බද්ද ගෙවීමේදී තමන් අපහසුතාවට පත්ව තිබෙන බවත් කොන්ත්‍රාත්කරුවන් සඳහන් කරන බවත් ඔහු පෙන්වා දෙයි.
“තරගකාරි ටෙන්ඩර් ක්‍රමවේද, අවම ආන්තික, අලාභ ඇතුළු කාරණා සමගින් මේ සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් ගෙවීමේ හැකියාවක් කොන්ත්‍රාත්කරුවන්ට නැහැ.” ආචාර්ය කරුණාරතන මහතා පවසයි.
කෙසේ වෙතත් ලංකා ඉදිකරීම්කරුවන්ගේ ආයතනයේ සභාපතිවරයා පෙන්වා දෙන ආකාරයට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් සමස්ත වැට් අගය වෙතම මෙම සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කිරීමට කටයුතු කරයි. ඊට අමතරව අනෙකුත් සියලුම බදු, දඩ මෙන්ම ඒවා නොගෙවන්නන්ට නීතිමය පියවර ගන්නා බවටත් තර්ජනය කරන බවත් සභාපතිවරයා පවසයි.
ඒ අනුව ක්‍රමවත් උපදෙස් ලබා දෙන තෙක් මෙලෙස කොන්ත්‍රාත්කරුවන්ගෙන් මෙම බදු අය කරගැනීම නැවැත්වීම සඳහා උපදෙස් ලබාදෙන ලෙස එම ආායතනය ඊට අදාළ සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටින බවත් කරුණාරත්න මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සමාජ ආරක්ෂණ බද්දෙන් ඉදිකිරීම් කර්මාන්තය කොට උඩ