IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


සොබාහරිත ප්ලාන්ටේෂන් නව කර්මාන්ත ශාලාව විවෘත කෙරේ

වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම්, විජය වනසිංහ, බුස්මන් අස්පගේ, වීරපාත් සහ සොබාහරිත සමාගමේ සභාපති  අනුරාධ ජයවර්ධන යන මහත්වරුන් කුඹුක්ගැටේ අගාවූඞ් ඔයිල් කර්මාන්ත ශාලාව විවෘත කළ අවස්ථාව


ප්‍රදේශයේ තරැණ තරැණියක් 100 කට නව රුකියා අවස්ථා. වක්‍ර රැකියා ගණන 300 කට ආසන්නයි


කුරුණෑගල විශේෂ - සම්පත් සෙනවිරත්න


ලොව මිල අධිකම සුවඳ විළවුන් වර්ගය තැනීමට යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සැලකෙන අගාවූඩ් ඔයිල් නොහොත් වල්ලා පට්ටා තෙල් නිෂ්පාදනය සඳහා අගාවූඩ් වගාවේ නියැලෙන ලංකාවේ ප්‍රමුඛපෙළේ ආයතනයක් වන සොබාහරිත ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගමේ නව කර්මාන්ත ශාලාවක් ඉබ්බාගමුව, කුඹුක්ගැටේ, කෝම්බුව ප්‍රදේශයේ දී පසුගියදා විවෘත කළේය.
“ඔබේ සිහින පැළ කරන්න - පොළොව වෙන්න අපි සූදානම්” යන තේමාවෙන් සොබාහරිත ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගම ආරම්භ වන්නේ 2018 වසරේ දීය. මේ වනවිට වසර හයක පලපුරුද්ද සහිත එම සමාගම වයඹ පළාතේ දැනට ඇති අගාවූඩ් වගාව සම්බන්ධයෙන් එකම ප්‍රමිතිගත ආයතනයයි.
දිවයින පුරා පිහිටි ශාඛා 10 ක් සමගින් 200 කට අධික පිරිසකට ඝෘජු රැකියා අවස්ථා සලසා ඇති සොබාහරිත ප්ලාන්ටේෂන් සමාගම ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් 7000 ක පිරිසක් සමග අගාවූඩ් ශාඛ ලක්‍ෂ 5 කට අධික සංඛ්‍යාවක් වගා කොට ඇත.
එමෙන්ම ආගවූඩ් වගාවේ දී එම ශාඛයේ වටිනාකම ඉහළ දැමීමට එයට එන්නත් කරන රසායනික සංයෝගය ලංකාවට ආනයන කරන එකම ආයතනය ද සොබාහරිත ප්ලාන්ටේෂන් සමාගමයි.
ඉබ්බාගමුව, කුඹුක්ගැටේ, කෝම්බුව ප්‍රදේශයේ ආරම්භ කළ සොබාහරිත ප්ලාන්ටේෂන් කර්මාන්ත ශාලාවේ ප්‍රධාන අරමුණ අගාවූඩ් තෙල් නිෂ්පාදනය කිරීමයි. එමගින් ප්‍රදේශයේ තරුණ තරුණියන් 100 කට පමණ නව රැකියා අවස්ථා උදාවන අතර වක්‍ර රැකියා ගණන 300 කට ආසන්නය.
අගාවූඞ් තෙල් ප්‍රධාන නිෂ්පාදනය වන මෙම කර්මාන්ත ශාලාවේ අගාවූඩ් තේ හා කෝපි, අගාවූඩ් හර්බල් ක්‍රීම්, අගාවූඩ් හර්බල් ඩ්‍රින්ක්, අගාවූඩ් ආයුර්වේදී බාම්, අගාවූඩ් හර්බල් ටැබ්ලට්, අගාවූඩ් අත් කඩදාසි, අගාවූඩ් සබන්, අගාවූඩ් ෂැම්පෝ, ආගවූඩ් කාර් ෆ්‍රෙෂ්නර් ඇතුළු අතුරු නිෂ්පාදන රැසක් ද නිපදවීමට නියමිතය.
මෙම නව කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවයට වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම් විජය වනසිංහ, ඉබ්බාගමුව ප්‍රදේශීය සභාවේ සභාපති දිලීප චන්ද්‍රසේකර, සොබාහරිත ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්‍ෂ අනුරාධ ජයවර්ධන, එම සමාගමේ අධ්‍යක්‍ෂිකා මහේෂි ලියනගේ, සහකාර සාමාන්‍යාධිකාරී අනුරුද්ධ බණ්ඩාර, අලෙවි කළමනාකරු සරත් වික්‍රමනායක, ග්‍රීන් ඇග්රෝ අලෙවි කළමනාකරු ධම්මික ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ කළමනාකරු විජය කරුණාගොඩ යන මහත්ම මහත්මීන් ඇතුළු එම සමාගමේ සේවක සේවිකාවන් හා අගාවූඩ් වගාවෙහි නියැලෙන පාරිභෝගිකයෝ විශාල පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (0)

සොබාහරිත ප්ලාන්ටේෂන් නව කර්මාන්ත ශාලාව විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1950 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1542 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 540 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site