IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ස්පාර්ක් ප්ලග් හොරට හදලා: සමාගම් 4ක හිමිකරුවෝ උසාවියට

රෝෂන් තුෂාර

එන්.ජී.කේ. වෙ​ෙළඳ නාමය අනුකරණය කරමින් ව්‍යාජ “ස්පාර්ක් ප්ලග්”‍ අලෙවි කරන ආයතනවල ව්‍යාජ භාණ්ඩ වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළාය.
බුද්ධිමය දේපළ පනත යටතේ පංචිකාවත්තේ වාහන අමතර කොටස් අලෙවිසල් හතරකට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය පැවරූ නඩු හතරක් සලකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරිය එලෙස නියෝගය කළාය.
එන්.ජී.කේ. වෙළෙඳ නාමය යටතේ ‘ස්පාර්ක් ප්ලග්’ බෙදාහරින ‘නිටෙරා’ සමාගම විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිලි ඉදිරිපත් කරමින් පංචිකාවත්තේ වාහන අමතර කොටස් අලෙවි කරන ආයතන හතරක් එන්.ජී.කේ. වෙළෙඳ නාමය අනුකරණය කරමින් ව්‍යාජ “ස්පාර්ක් ප්ලග්”‍ අලෙවි කරන බව සඳහන් කර ඇත.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු කරුණු දක්වමින් ප්‍රසිද්ධ වෙළෙඳ නාමයක් අනුකරණය කරමින් ව්‍යාජ ස්පාර්ක් ප්ලග් අලෙවි කරමින් වෙළෙඳ වාසි ලබාගන්නා විත්තිකාර ආයතනවලට එරෙහිව බුද්ධිමය දේපළ පනත යටතේ භාණ්ඩ අත්අඩංගුවට ගැනීමට නියෝග කරන්නැයි ඉල්ලා සිටියහ.
පැමිණිලිකාර සමාගම් වෙනුවෙන් සුදත් පෙරේරා ඇසෝසියට්හි උපදෙස් පරිදි නීතිඥ කසුන් චාමර මහතා කරුණු දක්වමින්, සිය කීර්ති නාමය භාවිතා කරමින් විත්තිකාර සමාගම් අයුතු ලාබ ලබමින් සිටින බවත්, මෙමඟින් පාරිභෝගිකයන්ගේ වාහනවල දෝෂ හට ගැනීමට හැකියාව ඇති බවත් කීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ව්‍යාජ භාණ්ඩ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය විත්තිකාර සමාගම් හිමිකරුවන්ට හෙට (04) අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නොතිසි නිකුත් කළාය.



අදහස් (0)

ස්පාර්ක් ප්ලග් හොරට හදලා: සමාගම් 4ක හිමිකරුවෝ උසාවියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 150 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 46 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site