IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


සැප්තැම්බර් තේ ඵලදාව ඉහළට

හිතකර කාලගුණ තත්ත්වය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ තේ පලදාව සියයට 27.6කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය සඳහන් කරයි.

එපමණක් නොව පසුගිය වසරේ මුල් මාස නවය හා සැසඳීමේදී මේ  වසරේ මුල් මාස නවයේ තේ පලදාව ද සියයට 6.2ක් වර්ධනය වී ඇතැයි ද එම මණ්ඩලය සඳහන් කරයි. 

“පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසය හා සැසඳීමේදී මේ වසරේ තේ නිෂ්පාදනය වැඩි වී තිබෙනවා. එහෙත් අහිතකර කාලගුණ තත්ත්වය නිසා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී තේ පලදාව පහත වැටුණා. හිතකර කාලගුණ තත්ත්ව නිසා මේ වසරේදී තේ නිෂ්පාදනය වැඩි වී තිබෙනවා. ඒ කියන්නේ අපට මේ වසර අවසානයේදී පසුගිය වසර හා සැසඳීමේදී හොඳ තේ පලදාවක් ලැබේවි” යැයි රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් එස්.ඒ. සිරිවර්ධන පවසා තිබිණි. 

මේ වසර අවසානයේදී තේ කිලෝග්‍රෑම් මිලියන 305ත් 310ත් අතර පලදාවක් බලාපොරොත්තු විය හැකි යැයි ද සිරිවර්ධන මහතා කීය. පොහොර භාවිතය අඩු වීම, වෙළෙඳපොළ මිල ගණන් දුර්වල වීම, අහිතකර කාලගුණ තත්ත්ව හා කෘමිනාශක මත රජය පැනවූ තහනම නිසා පසුගිය වසරේ තේ නිෂ්පාදනය පහත වැටුණි. පසුගිය වසරේදී මෙරට තේ නිෂ්පාදනය වසර 7කට පසු අඩුම අගය වාර්තා කළ අතර අඛණ්ඩව තෙවැනි වරටත් තේ නිෂ්පාදනය පහත වැටිණි. 

055

 



අදහස් (0)

සැප්තැම්බර් තේ ඵලදාව ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 526 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 318 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site