IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සෞදි-ශ්‍රී ලංකා ව්‍යාපාර කවුන්සිලයක් ස්ථාපිත කිරීමට සැලසුමක්

සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර ව්‍යාපාර කවුන්සිලයක් ස්ථාපිත කිරීම සඳහා වන කටයුතුවල අවසන් අදියර ක්‍රියාත්මක වෙමින් පවතින බව සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
සෞදියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් පසුගියදා එම යෝජිත සෞදි-ශ්‍රී ලංකා ව්‍යාපාර කවුන්සිලයේ සාමාජිකයන් හමුවී මේ පිළිබඳ අවසන් එකඟතාවට පැමිණීමේ කටයුතු සිදුකර ඇතැයි පවසයි.
මෙහිදී සෞදි මණ්ඩල සම්මේලනය  (Federation of Saudi Chambers)  සහ ශ්‍රී ලංකාවේ කර්මාන්ත සහ වාණිජ සම්මේලන මණ්ඩලය (FCCISL)  අතර ඇති කරගන්නා අවබෝධතා ගිවිසුමක් යටතේ මෙම ව්‍යාපාර කවුන්සිලය ස්ථාපිත කරගැනීමට දෙපාර්ශ්වයම එකඟ වී තිබේ. දිගුකාලයන් පුරා අවශ්‍යව තිබූ මෙම සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර ව්‍යාපාර කවුන්සිලයක් ස්ථාපිත කිරිමත් සමගින්ම එය දෙරට අතර පෞද්ගලික අංශයේ වෙළෙඳ, ආයෝජන සහ අනෙකුත් වාණිජ උනන්දුවක් පවතින අංශ කෙරෙහි දායකත්වය ලබා දෙනු ඇතැයිද සඳහන් වෙයි.



අදහස් (0)

සෞදි-ශ්‍රී ලංකා ව්‍යාපාර කවුන්සිලයක් ස්ථාපිත කිරීමට සැලසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 102 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2031 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site