(තිළිණි ද සිල්වා)
සංචාරක හෝටල්වල ප්‍රමිතිය ඉහළ නැංවීම අරමුණෙන් දිවයින පුරා පිහිටි සංචාරක හෝටල් ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.
මේ වන විට දිවයින පුරා පිහිටි සංචාරක හෝටල් 20,000 ක් පමණ රජයේ ලියාපදිංචි වි නැති අතර රජයේ ලියාපදිංචි වී ඇත්තේ හොටල් 2000 ක් පමණක් බවද සංචාරක අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඒ අනුව ඉදිරි මාස 3 ක කාලය තුළ එම හෝටල් ලියාපදිංචි කිරීම සඳහා කඩිනම් පියවර ගන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.
මෙතෙක් රජයේ ලියාපදිංචි වී නොමැති හෝටල් ලියාපදිංචි කිරීමේ දි හෝටල්වල ප්‍රමිතිය පිළිබදව දැඩි ලෙද සැලකිලිමත් වන්නැයිද අමාත්‍යවරයා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත.
ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සංචාරක හෝටල් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් හෝටල් හිමියන් දැනුවත් කිරීමට ද ඇමතිවරයා උපදෙස් දී ඇත.
සංචාරක සංවර්ධන අධිකාරිය දැනටමත් හෝටල් ලියාපදිංචි කිරිමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සදහා විශේෂ නිලධාරි කණ්ඩායමක් ද යොදවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමිතිය පමණක් නෙමෙයි තරු 5න් පහළ තිබෙන සංචාරක නවාතැන් බොහොමයක අයකරන ගාන හොඳටම වැඩියි. මේවට සංචාරක මණ්ඩලෙන් හරි නියමිත මිලක් යොදවනවා නම් හොඳයි. නැත්නම් මෙහෙට එන්න ඉන්න හුඟක් සංචාරකයින්ව අපට නැතිවෙනවා..
මේ කුඩා ප්‍රමාණයේ හෝටල් ප්‍රමිතියක් නැහැ. හරිම අපිරිසිදුයි. නාන කාමර, වැසිකිලි, ඇඳ ඇතිරිලි පැල්ලම්, නමුත් මිල අධිකයි. බත් කඩ විතරද පරීක්ෂා කරන්නේ මේවා පරීක්‍ෂා කරලා දඬුවම් දිය යුතුයි..
කප්පන් ගන්න වැඩ පිළිවෙළක් හදාගන්න වගේ... ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ..
ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සංචාරක හෝටල් "පමණක්" නොව රටේ සිදුවන බොහෝ ක්‍රියාකාරකම් ජාත්‍යන්තර ප්‍රමිතියට ඉටු කරන්න.
මේක ගිය ආණ්ඩුවත් කරන්නට හැදුවා. මා සිතන්නේ මේක හොඳදෙයක් කියයි. අද තිබෙන බොහෝ සංචාරක හෝටල් ලියාපදිංචි වී නොමැත්තේ ව්‍යපාර බදු නොගෙවා සිටීමටයි. මේ තත්වය වෙනස් කළ යුතුයි.
මේ රටේ දවස් පහක් ගතකරන මුදලින් ඉන්දියාවේ හෝ මලයාසියාවේ දවස් දහයක් හොඳට ඉන්න පුළුවන්... එම මට්ටමේම හෝටලයක. මේ අසාධාරණ මිල පහත හෙලන්න. අනික කන්න දෙන කෑම බොහෝ තැන්වල කිසිම ප්‍රමිතියකට නැහැ. තරු පහේ නොවෙයි. ඊට පහළ මට්ටමේ. කතා කළොත් ගහන්න තර්ජනය කරන තැනුත් තියෙනවා. අනික රටේ පොදු පහසුකම් වැසිකිළි ආදිය නගරවල නැති තරම්. පොඩි හෝටල්වල වුණත් සනීපාරක්ෂක පහසුකම් හරිම අපිරිසිදු තත්වයෙන් තමයි තියෙන්නේ. හැමතැනම නොවෙයි. බහුතරයක් ස්ථානවල. ඇමතිතුමා ඔය රටවලට ගිහින් හරි නිලධාරින් යවලා හරි බලන්න කොයිතරම් පහසුකම් අඩු මිලකට දෙනවද කියලා කේරල, බැංගලෝර් හයිද්‍රාබාද් නැතිනම් කුවාලාලම්පූර්, මලක්කා වගේ ප්‍රදේශවල. ඒවා අපිට වඩා දියුණු රටවල්.. ඒත් කෑම ප්‍රවාහන සහ කාමර කුලිය අපිට වඩා හුඟක් අඩුයි.
ඔච්චර දු යන්න අවශ්‍යය නෑ. ගැසට් කරන්න. ඊට පස්සේ කතා කරන්න. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්.
ලලිත් එම් මහත්මයා, කලාපයේ අනෙකුත් රටවල් එක්ක සංසන්ධනය කරලා බලනකොට අපේ රටේ වාහනවල මිල ගණන් සහ ප්‍රවාහන ගාස්තු, කුලිකරයාගෙන් පටන් ගත්තම මේසන්බාස්ගේ සිට හෝටල් කළමනාකරු දක්වා වැටුප් ඉහළ බවත් , හෝටල් ඉදිකිරීමට සහ පවත්වාගෙන යාම සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය වල මිල ගණන් ඉහළ බවත් , මාලු එළවලු මිල ගණන්ද ඉහළ බවත් ,මත්පැන් බලපත්‍ර සදහා අයකරන ගාස්තුවද ඉතා ඉහළ බවත් , යම්කිසි බලපත්‍රයක් ගන්න ගියහම විශාල පගාවක් දෙන්න ඕනේ බවත් සලකන්න. හෝටල් වල පිරිසිදු බව ඉතා අත්‍යවශ්‍ය දෙයක්. එම කටයුතු මහජන සෞඛ්‍යය පරීක්ෂක වරුන්ට කළ හැකිය. නමුත් සංකීර්ණ අලුත් නීති ගෙනත් සෙමින් සෙමින් වර්ධනය වන සංචාරක ව්‍යාපාරය මත තව බර පැටවුවහොත් ඒක සම්පුර්ණයෙන්ම අඩාල වෙලා විනාශ වෙන්න පුළුවන් බව කරුණාවෙන් සලකන්න.