IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


‘සංචාරක හෝටල් ලියාපදිංචිය අනිවාර්යයි’

(තිළිණි ද සිල්වා)
 
සංචාරක හෝටල්වල ප්‍රමිතිය ඉහළ නැංවීම අරමුණෙන් දිවයින පුරා පිහිටි සංචාරක හෝටල් ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.
 
මේ වන විට දිවයින පුරා පිහිටි සංචාරක හෝටල් 20,000 ක් පමණ රජයේ ලියාපදිංචි වි නැති අතර  රජයේ ලියාපදිංචි වී ඇත්තේ  හොටල් 2000 ක් පමණක් බවද සංචාරක අමාත්‍යවරයා පෙන්වා දෙයි.
 
ඒ අනුව ඉදිරි මාස 3 ක කාලය තුළ එම හෝටල් ලියාපදිංචි කිරීම සඳහා කඩිනම් පියවර ගන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.
 
මෙතෙක් රජයේ ලියාපදිංචි  වී නොමැති හෝටල් ලියාපදිංචි කිරීමේ දි හෝටල්වල ප්‍රමිතිය පිළිබදව දැඩි ලෙද සැලකිලිමත් වන්නැයිද අමාත්‍යවරයා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත.
 
ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සංචාරක හෝටල් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් හෝටල් හිමියන් දැනුවත් කිරීමට ද ඇමතිවරයා උපදෙස් දී ඇත.
 
සංචාරක සංවර්ධන අධිකාරිය දැනටමත් හෝටල් ලියාපදිංචි කිරිමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සදහා විශේෂ නිලධාරි කණ්ඩායමක් ද යොදවා තිබේ.



අදහස් (10)

‘සංචාරක හෝටල් ලියාපදිංචිය අනිවාර්යයි’

Akila Sunday, 29 December 2019 12:50 PM

ප්‍රමිතිය පමණක් නෙමෙයි තරු 5න් පහළ තිබෙන සංචාරක නවාතැන් බොහොමයක අයකරන ගාන හොඳටම වැඩියි. මේවට සංචාරක මණ්ඩලෙන් හරි නියමිත මිලක් යොදවනවා නම් හොඳයි. නැත්නම් මෙහෙට එන්න ඉන්න හුඟක් සංචාරකයින්ව අපට නැතිවෙනවා..

:       1       137

Jayantha Sunday, 29 December 2019 01:38 PM

මේ කුඩා ප්‍රමාණයේ හෝටල් ප්‍රමිතියක් නැහැ. හරිම අපිරිසිදුයි. නාන කාමර, වැසිකිලි, ඇඳ ඇතිරිලි පැල්ලම්, නමුත් මිල අධිකයි. බත් කඩ විතරද පරීක්ෂා කරන්නේ මේවා පරීක්‍ෂා කරලා දඬුවම් දිය යුතුයි..

:       0       81

Jayantha Sunday, 29 December 2019 01:59 PM

කප්පන් ගන්න වැඩ පිළිවෙළක් හදාගන්න වගේ... ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ..

:       277       418

hamarasekaraMonday, 30 December 2019 01:46 PM

කප්පන් ගැනීමයි කරන්නේ. ගම්පහ පාර අයිනේ වෙළඳාම් කරන දුප්පත් රඹුටන් වෙළෙන්දියන්ගෙන් පවා කප්පන් ගන්නවා.

:       0       75

සමන් Sunday, 29 December 2019 02:47 PM

ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සංචාරක හෝටල් "පමණක්" නොව රටේ සිදුවන බොහෝ ක්‍රියාකාරකම් ජාත්‍යන්තර ප්‍රමිතියට ඉටු කරන්න.

:       14       18

saman Sunday, 29 December 2019 03:04 PM

මේක ගිය ආණ්ඩුවත් කරන්නට හැදුවා. මා සිතන්නේ මේක හොඳදෙයක් කියයි. අද තිබෙන බොහෝ සංචාරක හෝටල් ලියාපදිංචි වී නොමැත්තේ ව්‍යපාර බදු නොගෙවා සිටීමටයි. මේ තත්වය වෙනස් කළ යුතුයි.

:       1       57

lalithm Monday, 30 December 2019 07:08 AM

මේ රටේ දවස් පහක් ගතකරන මුදලින් ඉන්දියාවේ හෝ මලයාසියාවේ දවස් දහයක් හොඳට ඉන්න පුළුවන්... එම මට්ටමේම හෝටලයක. මේ අසාධාරණ මිල පහත හෙලන්න. අනික කන්න දෙන කෑම බොහෝ තැන්වල කිසිම ප්‍රමිතියකට නැහැ. තරු පහේ නොවෙයි. ඊට පහළ මට්ටමේ. කතා කළොත් ගහන්න තර්ජනය කරන තැනුත් තියෙනවා. අනික රටේ පොදු පහසුකම් වැසිකිළි ආදිය නගරවල නැති තරම්. පොඩි හෝටල්වල වුණත් සනීපාරක්ෂක පහසුකම් හරිම අපිරිසිදු තත්වයෙන් තමයි තියෙන්නේ. හැමතැනම නොවෙයි. බහුතරයක් ස්ථානවල. ඇමතිතුමා ඔය රටවලට ගිහින් හරි නිලධාරින් යවලා හරි බලන්න කොයිතරම් පහසුකම් අඩු මිලකට දෙනවද කියලා කේරල, බැංගලෝර් හයිද්‍රාබාද් නැතිනම් කුවාලාලම්පූර්, මලක්කා වගේ ප්‍රදේශවල. ඒවා අපිට වඩා දියුණු රටවල්.. ඒත් කෑම ප්‍රවාහන සහ කාමර කුලිය අපිට වඩා හුඟක් අඩුයි.

:       0       172

Rohitha Monday, 30 December 2019 08:48 AM

ඔච්චර දු යන්න අවශ්‍යය නෑ. ගැසට් කරන්න. ඊට පස්සේ කතා කරන්න. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්.

:       0       1

de silva berlin Tuesday, 31 December 2019 05:43 AM

ලලිත් එම් මහත්මයා, කලාපයේ අනෙකුත් රටවල් එක්ක සංසන්ධනය කරලා බලනකොට අපේ රටේ වාහනවල මිල ගණන් සහ ප්‍රවාහන ගාස්තු, කුලිකරයාගෙන් පටන් ගත්තම මේසන්බාස්ගේ සිට හෝටල් කළමනාකරු දක්වා වැටුප් ඉහළ බවත් , හෝටල් ඉදිකිරීමට සහ පවත්වාගෙන යාම සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය වල මිල ගණන් ඉහළ බවත් , මාලු එළවලු මිල ගණන්ද ඉහළ බවත් ,මත්පැන් බලපත්‍ර සදහා අයකරන ගාස්තුවද ඉතා ඉහළ බවත් , යම්කිසි බලපත්‍රයක් ගන්න ගියහම විශාල පගාවක් දෙන්න ඕනේ බවත් සලකන්න. හෝටල් වල පිරිසිදු බව ඉතා අත්‍යවශ්‍ය දෙයක්. එම කටයුතු මහජන සෞඛ්‍යය පරීක්ෂක වරුන්ට කළ හැකිය. නමුත් සංකීර්ණ අලුත් නීති ගෙනත් සෙමින් සෙමින් වර්ධනය වන සංචාරක ව්‍යාපාරය මත තව බර පැටවුවහොත් ඒක සම්පුර්ණයෙන්ම අඩාල වෙලා විනාශ වෙන්න පුළුවන් බව කරුණාවෙන් සලකන්න.

:       0       0

AkilaThursday, 02 January 2020 07:46 AM

අපේ සංචාරක කර්මාන්තය දියුණු වෙන්නේ නැත්තේ ඔය ලලිත් මහතා කියපු දේවල් හින්දා තමයි. මිලියන දෙකක් කියන්නේ ආසියාවේ අඩුම සංචාරකයින් පැමිණෙන්නේ රටවල් වලින් එකක්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 370 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 434 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site