IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට ද්විපාර්ශ්වික ගිවිසුම් 4ක්

( තිළිණි ද සිල්වා )
 
ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් අලුතින් රටවල් 04ක් සමඟ ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමට රජය පියවර ගෙන ඇතැයි සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
 
ඒ අනුව චීනය, ඉරාකය, පාකිස්ථානය හා එස්තෝනියාව යන රටවල් සමග ඉදිරියේදී රජය  ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමට නියමිත යැයිද සංචාරක හා ගුවන් සේවා අමාත්‍යවරයා කියා සිටී.මෙම රටවල් 04 සමග ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිවූ බවද  හෙතෙම වැඩිදුරටත් කීය.
 
මීට අමතරව ඉදිරියේ දී දකුණු අප්‍රිකාව හා ජෝර්ජියාව වැනි රටවල් සමගද ද්විපාර්ශවික ගිවිසුම් වලට එළඹීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
 
මේ වන විට ශ්‍රී ලංකාව රටවල් 10 ක් සමග සංචාරක ප්‍රවර්ධනය සදහා වන අවබෝධතා ගිවිසුම්වලට එළැඹ තිබේ. ඉන්දියාව, තායිලන්තය, සීෂෙල්ස්, පෝලන්තය, තජිකිස්ථානය, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, රුසියාව, දකුණු කොරියාව හා පිලිපීනය මෙම රටවල්ය.
 
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම , ඒවා සැලසුම් කිරීම වැනි කටයුතු ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් හරහා කිරීම මෙම අවබෝධතා ගිවිසුම් මගින් සිදුකෙරේ.
 
ලෝකයේ ඇතිවන හදිසි ආපදා තත්ත්වයන්හිදි මෙවැනි ගිවිසුම් හරහා ශ්‍රී ලංකාවට විශේෂ වාසියක් අත්වන බවත්, බොහෝ දියුණු රටවල් එවැනි ආපදා තත්ත්වයන්හි දී තමන් සමඟ ගිවිසුම්ගතව සිටින කුඩා රටවලට ආධාර උපකාර ලැබෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.
 
ශ්‍රී ලංකාව ලොව අංක එකේ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරීම රජයේ අපේක්ෂාව වන අතර  මේ සදහා සංචාරක ආකර්ෂණය ඉහළින් ම ඇති යුරෝපා රටවල් චීනය, ඉන්දියාව, මැදපෙරදිග කලාපය හා රුසියාව, යුක්රේනය ඇතුළු රටවල් කේන්ද්‍ර කොටගෙන ගමනාන්ත අලෙවිකරණ හා නියෝජිත ආයතන පත් කිරීමට ද රජය අපේක්ෂා කරනු ලබන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී. 



අදහස් (0)

සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට ද්විපාර්ශ්වික ගිවිසුම් 4ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 201 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 380 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site