(තිළිණි ද සිල්වා )
සංචාරකයන් රැගෙන යන කුලී රථ රියදුරන්ට පහරදීමේ හා තර්ජනය කිරීමේ සිද්ධීන් නැවත ඇති වීම වැළැක්වීම සඳහා වහා පියවර ගන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා එම අමාත්‍යාංශය ලේකම්වරියට සහ සංචාරක සංවර්ධනය අධිකාරියේ සභාපතිනියට අද (26) ලිපි යවමින් දැනුම් දී ඇත.
ඊට අදාළව ගත් පියවර සම්බන්ධයෙන් තමාව දැනුවත් කිරීමට ද කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා අමාත්‍යාංශය ලේකම් මරීනා මොහොමඩ් සහ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු යන මහත්මීන්ට උපදෙස් දී ඇත.
දිවයිනට පැමිණෙන සංචාරකයන් අදාළ කුලී රථයේ සිටියදී ම එම කුලී රථ රියදුරාට වෙනත් කුලී රථ රියදුරන් හෝ මැර කණ්ඩායම් පහරදෙන හා තර්ජනය කරනු ලබන සිදුවීම් ඇතුළත් ඇතුළත් දර්ශන කීපයක් පහුගිය කාලය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබෙන හෙයින් මේ පිලිබද සොය බලා අදාළ වගකිවයුත්තන්ට එරෙහි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඇමතිවරයා දැනටමත් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටී.
ඊට අමතරව මෙවැනි සිදුවීම් වැළැක්වීමට අමාත්‍යංශය පාර්ශවයෙන් ගත හැකි සෑම පියවරක් ම ගන්නා ලෙස ඇමතිවරයා අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දී තිබේ.
දිවයින පුරා ඇති සංචාරක කලාප ආශ්‍රිත ව කුලී රථ සේවවේ නිරත ඇතැමුන් දුරකථන යෙදවුම් ( mobile app) හරහා සංචාරකයන් කුලි රථ සේවාවන් ලබා ගැනීමට විරෝධය පළ කිරීමත් සමග මෙම ගැටුම් නිර්මාණය වී ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටී.
අවාසනාවන්ත තත්ත්වය වන්නේ සංචාරකයන් සිටියදීම මෙවැනි සිද්ධීන් ශ්‍රී ලංකාව දැඩි අපකීර්තියකට පත් වන බවත් මේ තත්ත්වය සංචාරක කර්මාන්තයට ද ප්‍රබල ලෙස බලපාන හෙයින් දිවයින පුරා සිටින සංචාරක රියදුරන් නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කළ යුතු බව යැයි අමාත්‍යවරයා පෙන්වා දේ.
දැනටමත් කටුනායක ගුවන් තොටුපළ ආශ්‍රිතව මෙම වැඩසටහන් ආරම්භ කර තිබෙන අතර දිවයින පුරා එය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පවතින්නේ යැයිද හෙතෙම කියා සිටියේය.
COMMENTS
මේකම ඇති මට ඔබතුමා ගැන ප්‍රසාදයක් ඇතිවෙන්න. ඔය මාෆියාව වහාම නැවැත්විය යුතුයි. හැබැයි කියනවා වගේම මේක ක්‍රියාත්මක වෙන්නත් ඕන. ලංකාවේම මේ සර්විස් එක ව්‍යාප්ත වෙන්න ඕන. මිනිසුන් ගසා කන අමනයන්ට විරුද්ධව. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න ඉඩ තියන්න එපා. අපි හැමෝම අමාරුවෙන් සල්ලි හම්බ කරන්නේ. එහෙම තියෙද්දී මේ කොහෙවත් ඉන්න අනන්‍යතාවයක් නැති රස්තියාදු මිනීමරුවන්ට අපි මොකටද සල්ලි පුදන්නේ ? ඇයි එයාලට බැරි මීටර් වලට, නැත්තන් ඇප් වලට දුවන්න. කොල්ල කන්න බෑනේ එතකොට මිනිස්සුන්ව. වහාම මිනිස්සුත් මේ වගේ රස්තියාදු අයව වර්ජනය කරන්න ඕන. මීටර් නැත්තන්, ඇප් එකකින් නොවේ නම් ඔය සර්විස් එක භාවිත කරන්න එපා. මේවා බොරු මාධ්‍ය සංදර්ශන වලට විතරක් කරන්න නම් එපෝ ඇමතිතුමෝ. කොන්ද පන තියෙන ඇමති කෙනෙක් නම් අර තර්ජනයට ලක් උන මිනිස්සුන්ට සදාරණයක් කරලා අර රස්තියාදු අයව අත්අඩංගුවට ගන්න එකෙක් නෑර.
මෙයා ඔහොම කිව්වට ඕවා මෙහෙයවන එක අයෙක් තමයි මෙයා.. බොරුවට මාධ්‍ය කතා විතරයි. මේවාගෙන් හම්බ කරන අය තමයි මේ...
මේ මැර කණ්ඩායම අාවේ ඔයාලා ආණ්ඩුව ගත්තට පසුවනේ. ඔය මැරයින් මේ අාණ්ඩුවේනේ. ඒ අයට කෝල් කරලා කියන්න..
ලියන්නට පෙර මේ ලෙස හැසිරීමට බලය ගන්නේ කෙසේද කියා ටිකක් බලන්න. කරුණාකර ඇස්, කන් නාසා වසාගෙන ජීවත් වෙන්න එපා...
හරි හොඳ එක්කෙනා... රියදුරන්ට ප්‍රථම තමන් හරියට ඇමතිකම් දරන්න චණ්ඩිකම් කරන්නද බලයට එන්නේ...? බිරිඳත් එක්ක එකතු වෙලා. අනුන්ගේ දේපල බලහත්කාරයෙන් අරන් ඒ නඩුව තවම තියෙනවා නේද? පොහොට්ටුවේ ඉන්න සේරම එකයි. පන්සල් බදාගන ඉන්න පල්හොරු. ජනතාව යහමගට ගන්න නීතියක් තියෙන රටක්ද? හිරේ ඉන්න ඕන සේරමලා රටේ නායකයන් මීලගට කොරෝනා එන්නේ නුඹලා වගේ අයටයි.
යාල උද්‍යානයට ඇතුල් වෙන ස්ථානයේ ඉන්න සෑම රියදුරන්ටම ගොරවන මුරකරයාගේ කටවහන්න පුලුවන්ද? ඒ විතරක් නොවෙ ඒකා ජනාධිපතිතුමාගේ ගමේ කෙනෙක් කියලත් කියනවා. මෑතකදී උද්‍යානයට සෆාරි ගිය මිතුරෙක් මේ කතාව කිව්වෙ. ඉතින් ඇමතිතුමා කියනවා වගේ ඒකාගෙ කටවහන්නකො.