IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සංචාරක බස්වල කල්බදු වාරික ගෙවන්න සහන කාලයක්

( තිළිණි ද සිල්වා )

විදේශීය සංචාරකයන්ට  ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා බස්රථ යොදවා සිටින සංචාරක බස්රථ හිමියන්ට කල්බදු වාරික ගෙවීම සඳහා සහන කාලයක් ලබා දීමට රජයේ අවධානය යොමුව ඇතැයි  සංචාරක හා  ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර , කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බව සංචාරක හා  ගුවන් සේවා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා සහ ලංකා සංචාරක බස්රථ හිමියන්ගේ සංගමය හා අතර එම අමාත්‍යංශයේ දී පසුගිය 14 වැනිදා පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් සංචාරක කර්මාන්තය බිඳවැටීමත් සමඟ මෙම බස්රථ ධාවනය සම්පුර්ණයෙන්ම අඩාල වු බවත් කල්බදු වාරික ගෙවා ගත නොහැකිව ඇතැම් බස්රථ මේ වන විට ලීසිං සමාගම් විසින් රැගෙන ගොස් ඇති බවත් ලංකා බස්රථ හිමියන්ගේ සංගමයේ නියෝජිතයන්  මෙහිදී ඇමැතිවරයාට පෙන්වා දුන්හ.

පසුගිය රජය සමඟ රැස්වීම් ගණනාවක් පැවැත්වුවද කිසිදු සහනයක් නොලැබුණු බව ඔවූහූ ඇමැතිවරයාට මෙහිදී පැමිණිලි කලහ.

නව රජය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දෙන රුපියල් මිලියන 300 සහන ණය යෝජනා ක්‍රමයට තමන් ද ඇතුළත් කරන්නැයි බස්රථ හිමියන්ගෙන් ඉල්ලා සිටියහ.

ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ මේ පිළිබදව මුදල් අමාත්‍යංශයේ අවධානය යොමු කරන බවයි. ඔවුන් සමඟ සාකච්ඡා කර ඒ සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව පැවසු ඇමැතිවරයා එම කැබිනට් පත්‍රිකාව සකසන ලෙස අමත්‍යංශ ලේකම් මරීනා මොහොමඩ් මහත්මියට උපදෙස් දුන්නේය.

විදේශීය සංචාරකයන්ට ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා මේ වනවිට බස්රථ 700ක් පමණ යොදවා තිබෙන අතර එයින් සංචාරක සමාගම් සතුව ඇත්තේ 5% ක පමණ සංඛ්‍යාවක් බවත්  ඉතිරි 95% ම යොදවා ඇත්තේ පෞද්ගලික ව්‍යවසායකයින් විසින් යැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශ පෙන්වා දේ. ඉන් 98% ක් ම බස්නාහිර පළාතේ ව්‍යවසායකයින් විසින් යොදවා ඇතැයි ද එම අමාත්‍යාංශය කියා සිටී.

 



අදහස් (2)

සංචාරක බස්වල කල්බදු වාරික ගෙවන්න සහන කාලයක්

rana Friday, 17 January 2020 03:56 AM

ලාබ ලබනවිට අපිට පාර්ට් , කුලියට වාහනයක් වත් දෙන්නේ නැහැ, අපි ලෝකල් හයර් යන්නේ නැහැ, දැන් කාසි නැති වෙනකොට අපි සහ අපේ කාසි හොඳ නේ ? හිතන්න ආණ්ඩුව බෙදන්නේ මහජන මුදල් බව .

:       37       186

malaya Saturday, 18 January 2020 09:05 AM

මේ බස් රථවලින් කීයක් ඔය කියන ඇමති කෙනාට අයිතිද කියලා දන්න කෙනෙක් ඉන්නවද?

:       63       57

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site