( තිළිණි ද සිල්වා)
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් පසු සංචාරක ක්ෂේත්‍රය නංවාලිම සම්බන්ධයෙන් එම කර්මාන්තයට ආධාර දෙන ආයතන වට මේස සාකච්ඡාවක් සමග අද (29) කොළඹදී පැවැත්වෙන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය කියා සිටී.
කොවිඩ් 19 වසංගතයෙන් පසු මෙරට සංචාරක ක්ෂේත්‍රය නංවාලීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේ යෝජනා සංචාරක ආයෝජන වැඩි කිරීම සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ගැටළු විසදීම වැනි කරුණු කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කරන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.
මෙම සාකච්ඡාව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන ආයතනය, ලෝක බැංකුව, යුරෝපා සංගමය, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ආධාර ලබාදෙන ආයතන රැසක නියෝජිතයන් සහභාගී වීමට නියමිතය.
මේ අතර එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය අග්නිදිග ආසියා හා පැසිෆික් කොමිසමේ හා එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ දකුණු ආසියා කොමිෂමේ 32 වැනි ඒකාබද්ධ සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ හෙට (30) පැවත්වවේ.
මේ වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද කොවිඩ් 19 වසංගතය හේතුවෙන් එය වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරුණු බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.
කොවිඩ් 19 බලපෑම හා සංචාරක කර්මාන්තය නංවාලීම සදහා වන මාර්ගෝපදේශ මැයෙන් පැවැත්වෙන මෙම සමුළුව ආසියා - පැසිෆික් කලාප වල රටවල සංචාරක ඇමතිවරුන් හා නිළධාරීන් විඩීයෝ තාක්ෂණය ඔස්සේ මෙම සමුළුවට එක්වීමට නියමිතය.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සංචාරක ක්ෂේත්‍රය නංවාලීමට ආධාර දෙන ආයතන සමඟ සාකච්ඡාවක් කොළඹදී
appachchi Tuesday, 30 June 2020 12:58 AM
මෙයා හොඳයි ස්ටේජ් එකට දාන්න. සංචාරක ක්ෂේත්‍රය දියුණු කරන්න හොඳ මොලකාරයෙක් දාන්න. ස්ටේජ් වල අනුන්ට බනින්න.. අපහාස කරන්න පාවිච්චි කරන්න තමයි වෙන්නේ...
D.H.G WEERASENA Tuesday, 30 June 2020 03:19 AM
එය කළ යුතුමයි.
de silva Tuesday, 30 June 2020 12:31 PM
මේ අවස්ථාවේ සංචාරක ක්ෂේත්‍රය දියුණු කරන්න නම්.., ඔය කාමරවල ඉන්න සංචාරක මණ්ඩලයේ අයට සහ බහුජාතික හෝටල්වල ලොක්කන් එක්ක කතාකරලා වැඩක් නැහැ. සංචාරක ක්ෂේත්‍රය දියුණු කරන්න ඕනෑනම් සුළු සහ මධ්‍යම පරිමාණ හෝටල් හිමියන් එක්ක කතාකරන්න. ඔවුන්ගේ සහයෝගය ඇතිව ඔවුන්ගේ වහලා තිබෙන හෝටල් ටික නාරේධායන මධ්‍යස්ථාන වශයෙන් භාවිත කරලා අර අරාබිකරයේ අතරමංවෙලා ඉන්න අපේ ශ්‍රමිකයින් ටික ලංකාවට ගෙන්වාගන්න ඉන්පසුව මේ කාර්යය සඳහා ලබාදුන්නු ව්‍යාපාරිකයන්ට තම හෝටල් රිපෙයාර් කරගන්න යම්කිසි මුදලක රජයෙන් ගෙවලා ඔවුන් සමග සීත සෘතුවේ සංචාරක කර්මාන්තය සඳහා සූදානම් වෙන්න. මේ වැඩේ සඳහා සංචාරක මණ්ඩලයේ නිලධාරීන් මැදිහත් කරගන්න එපා.. මේ නිලධාරීන් ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණ සංචාරක ව්‍යපාරිකයන්ට නයාට අඳුකොල මෙනි...
de silva Thursday, 02 July 2020 02:14 PM
ඔබලාට රටේ පොඩි මිනිසුන්ගේ, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගේ, විදේශ ශ්‍රමිකයන්ගේ දැවෙන ප්‍රශ්න විසඳන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. ඔබලා ළඟ ඒවාට විසඳුම් නැහැ.