( තිළිණි ද සිල්වා )
මේ වසර තුළදී සංචාරක ක්ෂේත්‍රයට නව ආයෝජන 30 ක් ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරන බව සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඒ හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 122 ක සෘජු විදේශ ආයෝජන ඉලක්කයක් සපුරා ගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය බලාපොරොත්තු වන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.
මේ වන විටත් ඇමෙරිකානු ඩොලර් මිලියන 370ක (රුපියල් මිලියන 66,250) සංචාරක හෝටල් ආශ්‍රිත ආයෝජනයන් සහිත නව ව්‍යාපෘති කීපයක් සඳහා අයදුම්පත් ඉදිරිපත් ව තිබෙන බවත්, ඒ යටතේ හෝටල් කාමර 550 ක් හා විලා 400 ක් මේ යටතේ ඉදිකිරීමට යෝජිත යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව සංචාරක අමාත්‍යවරයා පැවසීය.
දේශීය හා විදේශීය ආයෝජන ආකර්ශනය කර ගැනීමේ ප්‍රමුඛ අංශයක් ලෙස සංචාරක කර්මාන්තය තෝරා ගෙන ඇති හෙයින්, සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන වලට රජය වැඩි අවධානයක් යොමු කරන බව ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සංචාරක කේෂ්ත්‍රයට නව ආයෝජන 30 ක්
denin Wednesday, 04 March 2020 12:29 AM
ජේ.ආර්.ජයවර්දන මහතා 1960 ගණන්වල සංචාරක ව්‍යාපාරය අරඹන විට දුරදක්නා නුවනක් නැති දේශපාලකයින් බොහොම විරුද්ධ වුනා. අර පුද්ගලිග වෛදවිද්‍යාල වගේ ඕකත් නතරකර දැම්මනම් කොහොමද අද රැකියා හිඟය.