IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සංචාරක කර්මාන්තයට යූරෝ මිලියන 3.5 ක ප්‍රදානයක්

( තිළිණි ද සිල්වා )

කොරෝනා  වසංගතය හේතුවෙන් බිඳ වැටුණු මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා යුරෝ මිලියන 3.5ක් ප්‍රදානයක් ලබා දීමට යුරෝපා සංගමය තීරණය කර ඇති බව සංචාරක හා ගුවන්සේවා අමාත්‍යාංශය කියා සිටී. 
 
ඊට අදාළ යෝජනා කඩිනමින් තම සංගමය වෙත ලබා දෙන්නැයි යුරෝපා සංගම් ශ්‍රී ලංකා තානාපති ඩෙනිස් චායිබි (Denis Chaibi) මහතා සංචාරක සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටියේය. 
 
යුරෝපා සංගම් තානාපතිවරයා හා කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර පෙරේදා (19) පැවති සාකච්ඡාවක දී මෙම ඉල්ලීම කෙරුණු බවද එම අමාත්‍යාංශය කියා සිටී.
 
යුරෝපා සංගම් තානාපතිවරයා මෙහිදී අමාත්‍යවරයා හමුවේ  කියා සිටයේ ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට රජය ගත් පියවර සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන බවත් ,කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය නංවාලීමට රජය ගෙනයන වැඩපිළිවෙලට සහාය පළ කිරීමක් ලෙස මෙම මුදල ලබා දිමට තීරනය කළ බවය.
 
මෙම ප්‍රදානය සම්බන්ධයෙන් රජය වෙනුවෙන් සිය ස්තූතිය පළ කරන බව  සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න  රණතුංග මහතා යුරෝපා සංගම් තානාපතිවරයාට පැවසීය .

මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සදහා වත්මන් රජය විශේෂ අවධානයක් යොමුකර ඇති බවද අමාත්‍යවරයා යුරෝපා සංගම් තානාපතිවරයාට පෙන්වා දුන්නේය.
 
සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම හා එමගින් සිදුකරන විදේශ විනිමය උත්පාදනය ඉහළ නැංවීමත් තුළින්  2025 වන විට මෙරටට වාර්ෂිකව පැමිණෙන සංචාරකයන් ගණන මිලියන 07 දක්වා ඉහළ නැංවීමටත් ඒ තුළින් වසරකට ඇ.ඩො. බිලියන 10 ක විදේශ විනිමය උත්පාදනය කිරීමත් අපේක්ෂාව බව ද අමත්‍යවරයා කීය 
 
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝකයේ ම සංචාරක කර්මාන්තය බිද වැටී ඇතත් අපේක්ෂිත ඉලක්කය සපුරාලීමට හැකි සෑම පියවරක් ම ගන්නා බව ද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.
 
යුරෝපා සංගම් තානාපතිවරයා පෙන්වා දුන් පරිදි  අදාළ යෝජනා කඩිනමින් යුරෝපා සංගමයට ලබා දෙන්නැ‘යි ද අමාත්‍යවරයා මෙහිදී සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මියට උපදෙස් ලබා දුන්නේය.
 
සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව මේ වසරේ මාර්තු මාසයේ 19 වන දින ශ්‍රී ලංකාවට මගී ගුවන් යානා පැමිණිම අත්හිටුවන විට එම මාසය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන්ගේ සංඛ්‍යාව 71,370 කි. ඉන් 60% ක්ම පැමිණ ඇත්තේ යුරෝපා රට වලිනි. යුරෝපා රටවලින් මාර්තු මාසයේ දි මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 42,084 ක් වේ. 
 
සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි, කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු, එහි අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේරත්න යන මහත්ම මහත්මීහුද යුරෝපා සංගම් තානාපතිවරයා සමග පැවති සාකච්ඡාවට සහභාගී වූහ.



අදහස් (5)

සංචාරක කර්මාන්තයට යූරෝ මිලියන 3.5 ක ප්‍රදානයක්

Prabha Wednesday, 20 May 2020 12:27 PM

දැන් කට්ටිය රෑ දවල් නැතිව කල්පනා කරනවා ඇති කට්ටිය සාක්කුවේ දාගන්න විදිහ...

:       54       442

අතුල Wednesday, 20 May 2020 01:50 PM

ඔය ආධාර භාරගැනීම, පරිහරනය කිරීම, අවශ්‍ය ආයතන සහ පුද්ගලයන් වෙත ලබාදීම සඳහා බැසිල් මහතා පත්කිරීම සුදුසු යැයි යෝජනා කරමි.

:       0       107

ගමේ එකා Wednesday, 20 May 2020 03:48 PM

සුනාමි ආධාර වලට වෙච්ච් හරිය මතක් වෙනවා. දැන් ඉන්න ඇමතිගේ පැටිකිරිය ගැනත් අපි නොදන්නවා නෙවෙ‍‍‍‍යි. පවුලේ ඔක්කොම ගොඩ ගියේ දේශපාලනෙන් හම්බ කරගෙන.

:       0       100

චමිල Wednesday, 20 May 2020 06:55 PM

අපේ රටට, වීරෝදාර හමුදාවට, අරියාදු කෙනෙහිලිකම් කලොත් ලොව ඕනෑම සංවිධානයකින් ශ්‍රී ලංකාව ඉවත් කරන්න තමා පසුබට නොවන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමග යුරෝපා රටවල් භීතියට පත්වී තිබේ.. ශ්‍රී ලංකාවට බියවූ යුරෝපය මේ මුදල් ප්‍රදානය කිරීමට තීරණය කරන ලදී.

:       116       0

lanka putr Thursday, 21 May 2020 02:31 AM

කෝ මේ දේශ්ප්‍රේමියෝ. කතා කළොත් අධිරාජ්‍යවාදී බලවේග පන්නමු.

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31273 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13462 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10987 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 93 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 927 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 278 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site