ශී‍්‍ර ලංකාවේ මේ වන විට හෝටල් ආදී ඉදිකිරීම් වලට ආයෝජනය කර ඇති ආයෝජකයන් මාර්ගයෙන් 2013 වසර අවසානය වන විට ඩොලර් කෝටි 280(රුපියල් කෝටි 35840) ක මුදලක් උපයා ගැනීමට රජයට හැකි වනු ඇතැයි ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
ශී‍්‍රලංකා රජයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතී නිසා ශී‍්‍රලංකාවට වැඩි වැඩියෙන් ආයෝජකයින් ඇදී එමින් සිටි බව ඇමැති කියයි.ආයෝජකයින්ගෙන් බහුතරය අවධානය යොමු කර ඇත්තේ සංචාරක කර්මාන්තය කෙරෙහි බව හෙතෙම සදහන් කරයි.
ආයෝජන මුවාවෙන් රට පවාදීමට රජයේ කිසිදු සැළැස්මක් නොමැති බවත් විවාදයට තුඩුදී ඇති කැසිනෝ ශාලා ඇතිකිරීම ගැන උනන්දු වන ආයෝජකයන්ට රජය මහා පරිමාන බදු සහන ලබා දී ඇතැයි පැවැසෙන කතා පදනම් විරහිත බවත් ඇමැති අවධාරණය කරයි.

COMMENTS
අනේ මන්ද ලංකාවේ මිනිස්සු මොනදෙයක් කරන්න හැදුවත් පරස්පර විරෝධතා. කඩකප්පල් කරන්නම තමා හදන්නේ. "බෑඩ් ලක්" නේද? (අ)
ගණිකා වෘතියටත් සුභ අනාගතයක්. (අ)
ඩොලර් කෝටි 280 වෙන් තව කාර් ටිකක් ගෙනත් නය තුරුස් වාරිකයක් දෙකක් පොලිය ගෙවලා කීය කීය හරි බෙදා ගත්තම අපට කියක් ඉතිරි වෙනවද ආයුබෝවන්ඩ.(නදී)
මියගිය ධීවරයින්ගේ කෝටි 54 ත් ඔය ලාබ ලැබෙන කෝටි තිස්පන්දහස් අටසිය හතළිහෙන් ගෙව්වොත් නරකද?(නි)
අපේ රටේ සුළු පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව මොකද කලේ ? නොයෙක් නීති පනවමින් බාදක දැමීම පමණි. අඩුම තරමේ සුළු පොලියකට දේපල ඇපයට තබා නයක්වත් රාජ්‍ය බැංකුවකින් ගන්න පුලුවන්ද ? පිටරටින් එන බහුජාතික සමාගම් වලට මේ බාදක කිසිවක් නැත. යුධ කලේ සුළු පරිමාණ ව්‍යාපාරිකයින් තමයි සංචාරක ව්‍යාපාරය ආරක්ෂාකර ගත්තේ. මේ රජයේ සංචාරක ව්‍යාපාරය මෙහෙයවන පුද්ගලයන්ට තම විෂය පිලිබන්ධ දැනුමක් නැහැ , හැමෝම බලන්නේ කොහෙන් හරි පගාවක් , කොමිස් එක්කක් ගහගෙන නිකන් ඉන්න , බලමුකෝ ඡන්දයක් ආවම.(නදී)
අපේ රට සංචාරක ව්‍යාපාරයෙන් ඉහල තලයකට ගෙන ආ හැක. එයට සුදුසු යටිතල පහසුකම් මනා සේ සකස් කළ යුතුය. ජනතාවගේ ආකල්පමය වෙනසක් වීම වැදගත්. (නි)