IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සංචාරක කර්මාන්තකරුවන්ගේ බලපත් අලුත් කිරීම හෙට සිට

(මුදිතා දයානන්ද)
 
සංචාරක කර්මාන්තයේ යෙදෙන්නන්ගේ බලපත‍්‍ර අලූත් කිරිමේ එක්දින සේවාව හෙට (05) සිට ආරම්භ වන බව සංචාරක, වනජීවි හා ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද (04) පැවසීය. 
 
බලපත‍්‍ර අලූත්කර ගැනීමට පිටපළාත් වලින් පැමිණෙන සංචාරක කර්මාන්තකරුවන්ට කොළඹට දින හතර පහක් පැමිණ රස්තියාදුවීමට සිදුවන බවට නැගෙන චෝදනා සැළකිල්ලට ගනිමින් මෙම සේවාව ආරම්භ කිරිමට කටයුතු කළ බවද අමාත්‍යවරයා පැවසීය.
 
මෙම එක්දින සේවාව අලූතෙන් බලපත් සඳහා අයදුම් කරන අයටද ඉදිරියේදි සැපයීමට බලාපොරොත්තු වන බවද අමරතුංග මහතා පැවසීය.
 
ශ‍්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් උපාලි රත්නායක මහතා අදහස් දක්වමින් බලපත‍්‍ර අලූත් කරගැනීමට එක්දින සේවාව ලබාගැනීමට බලාපොරොත්තු වන අයට ඒ සඳහා අවශ්‍ය අයදුම්පතේ ආකෘතිය හා අනෙකුත් ලිපිලේඛන පිළිබඳ තොරතුරු හා උපදෙස් අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකි බව පැවසීය.
 
වැඩකරන සෑම දිනකම පෙරවරු 10.00ට පෙර අයදුම් පත් ඉදිරිපත් කරන සෑම අයෙකුටම එදිනම පස්වරු 3.30ත් 4.15ත් අතර බලපත‍්‍රය ලබාගත හැකි බවද රත්නායක මහතා පැවසීය.ඉදිරිපත් වන අයදුම් පත් පරීක්ෂා කිරිම සඳහා ඊට අදාල ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත කණ්ඩායම් හතරක් යොදවනු ලබන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
 
මෙම අවස්ථාවට සංචාරක අධික්ෂණ මන්ත‍්‍රී සුජිත් පෙරේරා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ජොහාන් ජයරත්න, ප‍්‍රමිති හා තත්ත්ව ආරක්ෂණ අධ්‍යක්ෂිකා තරංගා රූපසිංහ යන මහත්ම මහත්මීහුද එක්ව සිටියහ. 



අදහස් (2)

සංචාරක කර්මාන්තකරුවන්ගේ බලපත් අලුත් කිරීම හෙට සිට

chandima Wednesday, 04 September 2019 04:43 PM

මේ මිනිස්සු යන්තන් ජාම ගැට ගහගන්න බලනවා. මේ යක්කු එහෙන් බලපත්‍ර ගාස්තු ගන්න පටන් අරන්...

:       1       12

de silva Thursday, 05 September 2019 04:42 PM

අපි මේ තිබෙන බැංකු ලෝන් , වාහන ලිසින් ගෙවා ගන්න බැරුව හා අතේ ණයවෙලා ඉන්නවා , මුන් ලැස්ති වෙනවා අපෙන් බලපත්‍ර ගාස්තු ගන්න .

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 302 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site