IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සැකසූ ආහාර කාණ්ඩයේ හොඳම අපනයනකරු New Anthoney’s

 

  • හරිතවත් අනාගතයට දායකවීම අරමුණයි

විසි හය වැනි වරට සංවිධානය කරන ලද ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී, මෙරට ප්‍රමුඛතම තිරසර මාංශ ආහාර නිෂ්පාදන සමාගමක්වන නිව් ඇන්තනීස් සමූහය, සැකසූ ආහාර නිෂ්පාදන කාණ්ඩයේ හොඳම අපනයනකරු ලෙස සම්මාන දිනාගැනීමට සමත්විය. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමූහය විසින් ලබාදෙන අඛණ්ඩ දායකත්වය මෙම සම්මානය හරහා පිළිබිඹු වේ. 

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම අපනයනකරුවන් ඇගයෙන මෙම වාර්ෂික සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසිනි. 

සැකසූ සහ අගය එකතුකළ ආහාර නිෂ්පාදන සඳහා ඇති ගෝලීය ඉල්ලු‍ම දිනෙන් දින වර්ධනය වෙමින් තිබේ. නාගරීකරණය වේගවත් වීම, පාරිභෝගික ජීවන රටාවේ වෙනස්කම් මෙන්ම පහසුව සහ ඉක්මන ආදිය ඊට හේතුසාධක වී ඇත. එහිදී විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතතාව, තිරසරභාවය සහ ඉහළ ප්‍රෝටීන් මට්ටමක් පැවතීම ආදී කරුණු මත සැකසූ මාංශ ආහාර සඳහා ඇති ගෝලීය ඉල්ලු‍ම ද වර්ධනය වෙමින් පවතී. 
නිව් ඇන්තනීස් සමූහය මේ වනවිට උසස් තත්වයේ, ප්‍රතිජීවකවලින් තොර, තිරසර ලෙස නිෂ්පාදනය කළ කුකුළුමස් අපනයන සමාගමක් ලෙස ජාත්‍යන්තර වෙළෙඳපොළේ නමක් දිනාගෙන සිටී. ගෝලීය වෙළෙඳපොළ කරා අපේ නිෂ්පාදන ගෙනයාමට හැකිවීමෙන් අප කෙරෙහි ඇති දැවැන්ත පාරිභෝගික විශ්වාසය පෙන්නුම් කෙරෙනවා. සියලු‍ දෙනා වෙනුවෙන් වඩාත් හරිතවත් සහ සෞඛ්‍යමත් අනාගතයක් වෙනුවෙන් දායකවීම අපේ අරමුණයි″, යනුවෙන් නිව් ඇන්තනීස් සභාපති එමිල් ස්ටැන්ලි මහතා ප්‍රකාශ කළේය.

තිරසර මාංශ ආහාර නිෂ්පාදනය, ආහාර සුරක්ෂිතතාව සහ නවෝත්පාදනවලින් අපි ගෝලීය ප්‍රමිති ළඟාකරගැනීමට පමණක් නොව ඉක්මවා යෑමටත් කටයුතු කරනවා. ඒ හරහා ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යාපාර ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමටත් අපට හැකිවෙනවා. හුදෙක් කුකුළු මස් අපනයනයෙන් ඔබ්බට ගොස් ගෝලීය මට්ටමේ උසස් ආහාර නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකාව සතු හැකියාව ලෝකයටම විදහා දක්වමින් රටේ ආර්ථික අභිවෘද්ධියට දායක වීම අපේ බලාපොරොත්තුවයි″, යනුවෙන් නිව් ඇන්තනීස් ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා පැවසීය. 

නිව් ඇන්තනීස් සමූහය, ඉහළ පෝෂණයෙන් යුත්, ප්‍රතිජීවකවලින් තොර සහ ප්‍රණීත විවිධ සැකසූ මාංශ ආහාර වර්ග රැසක් සමඟින් ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය සන්නාමයක් දිනාගෙන සිටී. GMP, HACCP, ISO 22000 සහ දේශීය හා ජාත්‍යන්තර හලාල් සහතික ද සමාගමේ ආහාරවල ගෝලීය ප්‍රමිතියට සාක්ෂි සපයයි. 

එමෙන්ම සමාගම වෙළෙඳපොළට ඉදිරිපත් කරන හරිතහරි කුකුළු මස් නිෂ්පාදනය වෙනුවෙන් සියයට 100ක් ස්වභාවිකව දිරාපත්වන ඇසුරුමක් භාවිත කරන අතර, එවැනි තිරසර ඇසුරුම් භාවිතයක් සිදුකරන මෙරට පළමු මංශ ආහාර නිෂ්පාදකයා වන්නේ ද නිව් ඇන්තනීස් සමූහය යි. තව ද ISO 14064-1:2018 ප්‍රමිතීන්ට අනුකූලව නෙදර්ලන්තයේ කාබන් පාලන සංගමය යටතේ හරිතාගාර වායු විමෝචන සහතිකය ලත් නිෂ්පාදනය වන්නේ ද හරිත හරි කුකුළු මස් නිෂ්පාදනය යි. 



අදහස් (0)

සැකසූ ආහාර කාණ්ඩයේ හොඳම අපනයනකරු New Anthoney’s

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site