විමුක්ති එස් රුද්‍රිගු
මෙරට ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබීමත් පොලී අනුපාත පහළ යාමත් මධ්‍යයේ පසුගිය මාර්තු මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
පසුගිය මාර්තු මාසය අවසන් වනවිට මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 2,038,682 ක් ලෙස සටහන් වූ අතර එය 2023 වසරේ සටහන් වූ 2,026,871 ක සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාවට සාපේක්ෂව සියයට 0.6 ක වර්ධනයකි. එසේම මෙම වසරේ පළමු මාස තුනේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව සියයට 1.5 කින් වර්ධනය වී ඇතැයිද මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. එසේම පසුගිය වසරේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව සියයට 4.8 කින් 91,371 කින් ඉහළ ගොස් ඇතැයිද මහ බැංකු දත්ත වාර්තා ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළට