IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘General Insurance Summit 2023’ සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජනරල් ලිමිටඩ් විසින් සංවිධාන කරන ලද ‘General Insurance Summit 2023’ වැඩසටහන, ‘Unveiling Excellence - A New Era Unfolds’යන තේමාව යටතේ පසුගිය දා මීගමුව Jetwing Blueහෝටලයේදී සාර්ථක අන්දමින් පැවැත්විණි.

2023 වසරේ මාර්තු මස සිට අගෝස්තු මස දක්වා මාස 6ක කාලයක් තුළ සමාගමේ ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා විශිෂ්ට දායකත්වයක් දැක්වූ අලෙවි බළකායේ සාමාජික සාමාජිකාවෝ පිරිසක් මෙහිදී ඇගයීමට ලක්වූහ.

දින දෙකක් පුරා විවිධ වූ ක්‍රියාකාරකම් හා සැසිවලින් සමන්විත වූ මෙම වැඩසටහන ඔස්සේ දැනුම, කුසලතා වර්ධනය කරගැනීමටත්, අන්‍යෝන්‍ය සුහදත්වය ශක්තිමත් කරගැනීමත්, ජයග්‍රාහකයන්ගේ කැපවීම ඇගයීමෙන් ඔවුන්ගේ දැනුම හා උද්යෝගය වැඩි දියුණු කිරීමත් මෙහි අරමුණු විය.

මෙම වැඩසටහනේදී SLICGLහි 3000කට අධික අලෙවි බළකාය අතරින් 'General Insurance Summit Sales Drive’හි විශිෂ්ටතම කාර්යසාධනයක් පෙන්නුම් කරමින් ආයතනයේ විකුණුම් ඉලක්ක සපුරාලන්නට කැපවීමෙන් කටයුතු කළ ජයග්‍රාහකයන් ඇගයීම සිදු විය.

ප්‍රධාන කාර්යාලය සහ ශාඛා කාර්යාල, බැංකු රක්ෂණ හා ආයතනික විකුණුම් අංශ නියෝජනය කරන රක්ෂණ උපදේශකවරුන්, අලෙවි විධායකවරුන්, සහකාර විකුණුම් කළමනාකරුවන්, විකුණුම් කළමනාකරුවන්, ශාඛා කළමනාකරුවන්, ප්‍රාදේශීය කළමනාකරුවන්, ආයතනික විකුණුම් නිලධාරීන් සහ ආයතනික විකුණුම් අධීක්ෂකවරුන් රැසක් මෙහිදී ඔවුන්ට අදාළ කාණ්ඩ යටතේ විවිධ ඇගයුම්වලින් පිදුම් ලැබූහ.

එමෙන්ම, වැඩසටහනට සහභාගිවූවන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වැඩිදියුණු කිරීම සඳහා, ක්ෂේත්‍රයේ ප්‍රකට සම්පත්දායකයන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ දැනුවත් කිරීමේ සැසි කිහිපයක් ද පැවැත්විණි. මෙහිදී සම්මානලාභී පුහුණුකරුවකු, උපදේශකවරයකු මෙන්ම PHOENIXSPIRE (Pvt) Ltdසමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කරන භාතිය අර්ථනායක මහතා, ව්‍යාපාර ලෝකයේ අභියෝග වටහා ගැනීම, පෞද්ගලික සංවර්ධනයේ වැදගත්කම සහ ඵලදායී අලෙවි සහ විකුණුම් ක්‍රමෝපායන්හි වැදගත්කම සම්බන්ධයෙන් සභාව දැනුවත් කළේය. එමෙන්ම ව්‍යවසායකයකු සහ බදු උපදේශකවරයකු වන විරාජ් හේනෙගෙදර මහතා ඩිජිටල්කරණය, ඵලදායී සමාජ මාධ්‍ය භාවිතය, පෞද්ගලික මූල්‍ය කළමනාකරණය සහ බදු කළමනාකරණ ක්‍රමෝපායන් සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

මේ ආකාරයට දැනුම සහ මඟ පෙන්වීම ලබාදීමට අමතරව වැඩසටහනට සහභාගී වූවන්ට එකිනෙකා සමග සම්බන්ධ වෙමින් සුහදත්වය ගොඩනංවා ගනිමින් විනෝදාස්වාදයක් ලබාගැනීමටත් අවස්ථාව සලසා දී තිබිණි.

595



අදහස් (0)

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘General Insurance Summit 2023’ සාර්ථකව පවත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site