IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙළෙඳ නාමයට හිමි සම්මානය සිංගර් දිනා ගනී

ශ්‍රී ලාංකිකයන්ගේ අංක එකේ වෙළෙඳ නාමය ලෙස පසුගිය දහහතර වසරක් පුරා වැජඹුණු ‘සිංගර්‘ සිය ජනප්‍රසාදය තවදුරටත් තහවුරු කරමින් පසුගියදා පැවති 2021 SLIM ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 15 වැනි වරටත් “ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙළඳ නාමය” ට (People’s Brand of the Year 2021) හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. තවද “යෞවනයේ ප්‍රමුඛතම වෙළඳ නාමය”‍ (People’s Youth Choice Brand of the Year 2021) සහ “පාරිභෝගික භාණ්ඩ සඳහා වූ ප්‍රමුඛතම වෙළඳ නාමය“ (People’s Durables Brand of the Year 2021) ලෙසින්ද සිංගර් මෙවර සම්මාන උළෙලේදී SLIM සම්මානයෙන් පිදුම් ලැබීම සුවිශේෂී වේ.

වසර තුනකට පසුව “යෞවනයේ ප්‍රමුඛතම වෙළඳ නාමය”‍ ට හිමි සම්මානය සිංගර් දිනා ගැනීම පිටුපස තිබෙන ප්‍රධාන බලවේග ලෙස වර්තමාන වෙළඳ පොළට වඩාත් උචිත නවෝත්පාදන සහ උපායශීලි අලෙවිකරණ සහ සන්නිවේදන උපායමාර්ග/ ප්‍රතිපත්ති භාවිතය ලෙස හැඳින්විය හැකි බව එම සමාගම කියයි.

2021 SLIM ජනතා සම්මාන උළෙල මෙරට පාරිභෝගිකයන් අතර වඩා ජනප්‍රිය මෙන්ම පාරිභෝගික ආකර්ශනය දිනාගත් වෙළඳ නාම සහ පුද්ගල නාම සඳහා සම්මාන පිරිනමන දැවැන්ත වාර්ෂික උළෙලකි. මෙම සම්මාන උළෙල අලෙවිකරණය සඳහා ජාතික ආයතනය වනSri Lanka Institute of Marketing (SLIM) සංවිධානය කරයි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ මෙම සම්මාන උළෙල සුවිශේෂි සම්මාන උළෙලක් ලෙස සටහන් වන්නේ නාම යෝජනා සහ ජයග්‍රාහකයින් යන දෙපාර්ශවයම ජනතාව විසින් තෝරා ගැනීම හේතුවෙනි.

ලැබූ ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ සිංගර් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි මහේෂ් විජේවර්ධන මහතා මෙසේ පැවසීය.“2021 SLIM ජනතා සම්මාන උලෙළේදී අඛණ්ඩව 1වැනි වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සන්නාමයට හිමි සම්මානය ඇතුළුව සම්මාන ත්‍රිත්වයක් හිමි කර ගැනීමට සිංගර් සමාගමට හැකි වීම විශාල ගෞරවයක්. වසර 15ක් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සන්නාමයට හිමි කිරුළ රැකගැනීමට හැකිවීම මඟින් පැහැදිලි වන්නේ අපේ රටේ ජනතාව සිංගර් කෙරෙහි තබා ඇති අඛණ්ඩ විශ්වාසයයි. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයාගේ ජීවන තත්ත්වයක් තවදුරටත් උසස් කළ හැකි තත්ත්වයෙන් සහ ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ, සේවා වෙළඳ පොළට ඉදිරිපත් කිරීමට අපගේ සියලු‍ම සේවා කණ්ඩායම් ඉතා කැපවීමෙන් ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සම්මාන ජයග්‍රහණය හැඳින්වීමට කැමතියි. මෙම සුවිශේෂී ජයග්‍රහණයේ පුර්ණ ගෞරවය අපගේ සියලු‍ම සේවක මණ්ඩලයටත්, අප හා අත්වැල් බැඳ සිටින වටිනා පාරිභෝගිකයන්ටත් පුද කර සිටිනවා.”

 



අදහස් (0)

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙළෙඳ නාමයට හිමි සම්මානය සිංගර් දිනා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site