IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ශල්‍ය ගෝස් ලබා ගැනීම දේශීය නිෂ්පාදකයන්ගෙන්

නිමල කොඩිතුවක්කු

2025 වර්ෂය සඳහා වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය ශල්‍ය ගෝස් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දේශීය සුළු පරිමාණ නිෂ්පාදකයන් නගා සිටුවීමේ රජයේ ප්‍රතිපත්තිය මත පදනම්ව රජයේ රෝහල් සඳහා අවශ්‍ය ශල්‍ය ගොස් නිත්‍ය සලාක ක්‍රමයක් යටතේ දේශීය නිෂ්පාදකයන් වෙතින් මිල දී ගනු ලබයි. 2025 වර්ෂය සඳහා වෛද්‍ය සැපයීම් අංශය වෙත ශල්‍ය ගෝස් අවශ්‍යතාව මීටර් මිලියන 30 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

 ශල්‍ය ගෝස් සලාක නිර්ණය කිරීමේ කමිටුව විසින් ලියාපදිංචි දේශීය නිෂ්පාදකයන් 282 දෙනකුගෙන් 2025 වසර සඳහා ශල්‍ය ගෝස් මීටර් මිලියන 30 ක් මිල දී ගැනීම නිර්දේශ කර තිබේ. එලෙස මිල දී ගනු ලබන ශල්‍ය ගෝස් මීටරයක ස්ථාවර මිල ශ්‍රී ලංකා රුපියල් 68.97 ක් ලෙස මිල කමිටුව විසින් අනුමත කර ඇත.

ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව 2025 වර්ෂය සඳහා ශල්‍ය ගෝස් මීටර් මිලියන 30 ක් එකී ස්ථාවර මිල යටතේ වෛද්‍ය සැපයීම් අංශයේ ලියාපදිංචි දේශීය නිෂ්පාදකයන් 282 දෙනකුගෙන් මිල දී ගැනීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 



අදහස් (0)

ශල්‍ය ගෝස් ලබා ගැනීම දේශීය නිෂ්පාදකයන්ගෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 196 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site