ලෝකයේ ගුවන් සංචාරක ව්‍යාපාරයේ මහා පරිමාණ වෙළෙඳ පොළක් වන ඕස්ට්‍රේලියාව ඉලක්ක කරගනිමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නවතම කාර්යාලය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී විවෘත විය.
ඕස්ට්‍රේලියාවට ගුවන් ගමන් ආරම්භ කිරීමේ ආරම්භක පියවර වශයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම පියවර ගෙන තිබේ.
විදේශ ඇමැති මහාචාර්ය ජී එල් පීරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා සංචාරක ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලාන් ආරියවංශ මහත්වරු ද ඊට එක් වූහ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා පැවසුවේ ඕස්ට්‍රේලියාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමේ වැදගත් මුල් පියවරක් ලෙස මෙය හඳුන්වා දිය හැකි බවයි.
ඒ මගින් ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවකට මෙන්ම යුරෝපය, මැද පෙරදිග සහ ඉන්දීය ගමනාන්ත භාවිත කරන සංචාරකයන් විශාල සංඛ්‍යාවකට පහසුව සැළසෙන බවත්, ඕස්ට්‍රේලියාවෙහි ගමනාන්ත බොහෝමයක් සමග සම්බන්ධවීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අවස්ථාව ලැබෙන බවත් ඔහු කීවේය.
COMMENTS
ඕක ලෝක ස්වභාවේ. කෝ මේ විෂය බාර ඇමතිතුමා? කියන්න ඒ අයට වෙලාවට වැඩ කරන්න කියලා, අපේ මුදල් නාස්ති නොකර (නි)
මාධවී, යා හරියට හරි. මමත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යන්නෙම නැහැ. පුදුම ඉදිමිච්ච කෙල්ලෝ ඉන්නේ. (නි)
වඩා හොදයි (දී)
ඔස්ට්‍රලියාවට වඩා දකුණු අප්‍රිකාව ටර්ගේට් කලා නම් හොදයි (අ)
මුණු වලින් පේනවා එයාලගේ ටාගට් කවර් බව. (අ)
ක්වලා ලාම්පුර් ඉදන් මැලේසියන් එයාර් ලයින් එකේ ප්ලේන්ලු යන්නේ, අනේ මන්දා (අ)
රටවල් 16 කට මම ට්‍රැවල් කරලා තියනවා. 2,3න් වතාවක් ශ්‍රී ලංකන් එකෙත් ගියා. ඒ වගේ ඔලුව ඉදිමුණූ කාන්තාවන් ලෝකේ කොහෙවත් නැහැ (නි)
රටේ ආර්ථිකයේ හැටියට මෙහෙම සවාරි යන්න පුළුවන් කාලයක්ද මේ? (නි)
මේ සංදර්ශනයට ගොඩක් වියදම්ද? (නි)
දම්මික සම්පුර්ණයෙන් හරි , හොදම උදාහරණය තමයි දකුණු අප්‍රිකාව , දැන් ඒ ලයින් එකෙන් එමිරෙට්ස්ල හොදට ලාබ ගන්නවා , ඔක්කොම ප්ලානේ පුලි බුක් .අපේ කට්ටිය හරි මෝඩයි. කිසිම බිස්නේස්ස් දැනුමක් නැහැ .(අ)
අපිට නොමිලේ ටිකෙට් දෙනවා නම් අපි යනවා. නැත්තන් ශ්‍රී ලංකන් යන එක පඩුනේ .ගදේ ඉන්ඩ බැහැ නැග්ගට පස්සේ (අ)
මේ ඔලුව ඉදිමිච්ච නාකි අම්මන්ඩලා ටික අයින් කරලා පෙනුම තියෙන තරුණ එයාර් හොස්ටෙසලා ටිකක් දැම්මොත් නරකද. (අ)
ලසන්ත 100% සහතික ඇත්ත. (අ)
ඉතින් වැඩක් නැහැනේ යන්නේ මැලේසියන් එයාර් ලයින් නේ . කෝ ශ්‍රී ලන්කන් එකේ අලුතෙන් ගන්නවා කියපු ප්ලේන් . අන්තිමට මේ ලයින් එක මලසියන් එයාර් ලයන් එකට තමයි. (අ)
මේකේ හැබැයි විෂයට අදාල සිවිල් ගුවන් සේවා ඇමති තුමා නැහැ.(නදී)
කොහොම හරි අපිව තව ටිකක් කන්න.(නදී)
මම පෙරේදා ශ්‍රී ලංකන් ගුවන් යානයක ආවා. කියන්න ලැජ්ජයි වතුරටිකක් ඉල්ලගන්න හතර සැරයක් කතා කරන්න ඕනෑ වුනා. ඔලුව ඉදිමිච්ච අම්මන්ඩිලා ටිකක් නේ දැන් යාර් හොස්ටස්ලට ඉන්නේ.අනේ අපේ ගුවන් සේවයට ගිය කල! (නි)
ලොකු මහත්තයෝ බලා ගෙන. ආයෙත් ගේ හොරු කඩලා ඩොලර් ටික හොරකම් කරාවී.(නදී)
වෙන රටක නම් හදට රොකට් එකක් යැවුවත් දේශපාලකයෝ පැත්ත පලාතක එන්නේ නැහැ.එක විද්‍යාඥයින්ට බාර දීලා ඒ වේලාවෙන් වෙන වැඩක් කරනවා. (නි)
වාසනාවන්! (නි)
ගුරුතුමී--දරුවනේ... ප්‍රදර්ශනවාදෙට උදාහරණ මොනවාද.... (අ)
වැඩේ පටන් ගන්නම කොචර මුදලක් වියදම් කළාද දන්නෙ නැහැ. (නි)
තව අවුරද්දකින් කියයි මේ ගමන පාඩුයි කියාල (දී)
මට මගේ පාඩුවේ ඉන්නට ඉඩ දෙන්න ඔබ ඔබේ පාඩුවේ මෙල්බර්න් නෑවිත් ඉන්න.(නදී)
ලංකාවේ සංචාරක කර්මාන්තයට හොද කාලයක් වගේ (දී)
ලංකාවේ කොහෙටද යන්නේ, මත්තලද නැත්නම් කටුනායකද? (නි)
මෙල්බර්න් ගියා කියලා ප්‍රශ්න ඔක්කොම විසදෙන එකක නැහැ. පසුගිය වසරේ පාඩුව කොටි 2050 යි. මිහින් ලංකා පාඩුව කෝටි 100 යි. මේවා පාලනයට ගුවන් සමාගම් පාලනය පිලිබඳ පලපුරුද්දක් තිබෙන කළමනාකරුවෙක් ගන්න ඕනේ. දේශපාලන හිතවත් කම්වලට තනතුරු දීමෙන් විනාශ වන්නේ ජාතික ධනයයි , එහෙම බැරිනම් මේවා විකුණා දමන්න. අද ජිවන බර යුධ කාලයට වඩා වැඩියි. මේ සේරම ආණ්ඩුවේ දුර්වල කලමනාකරණය නිසා. කෝට් 2150 සුළුපටු පාඩුවක් නෙවෙයි.(නදී)
ලසන්ත, ඔබ හරියටම හරි. (නි)
කෝ මෙයාගේ අලුත් රෝලෙක්ස් ඔරලෝසුව. (නදී)
එමිරේට්ස් කරන කලේ මේක ලාභ ලැබුවා. අපේ ජාතික ධනය පාඩු පිරිමහගන්න දුන්නේ නැහැ. දුප්පත් මිනිස්සුන්ගේ පරිප්පු ටිකෙන්, සිනි රාත්තලෙන් ගන්න බදු මේ වැනි සෝබන වැඩවලින් කාබාසිනියා කරලා දමන එක හෙන ගහන අපරාධයක්. මේ මුදල් අපේ රටේ අධ්‍යාපනයට යෙදවුවානම් මෙයට වඩා වටිනවා.(නදී)
ව්‍යාපාරික පන්තියේ යනවනම් විතරයි අපේ අක්කලා මගීන්ට සලකන්නේ. කතාවට නම් ආගන්තුක සත්කාරේ වෙන මොනම රටක ගුවන් සේවයකවත් නැහැ. ගිය අපි තමා දන්නේ අපේ අක්කලාගේ හැටි. කොහෙද ඉතින් ලාබ ලබන්නේ? (නි)
සංචාරක සේවයට සුභපතනවා (දී)
ගොඩක් හොද දෙයක් . ලංකාවේ කට්ටියගෙන් සැලකිය යුතු පිරිසක් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. එහෙට ගුවන් සේවා ඇරඹීම මගින් ඒ අයට ලොකු පහසුවක් වේවි. දවසකට ගුවන් ගමන් ආර දෙකක්වත් ඕනෑ (නි)
තව තවත් තෑගි වැඩි වැඩියෙන් ලැබෙයි වගේ. හැබැයි, ඉතින් පරිස්සම් කරගන්න වෙනවා (නි)
කෝටි 2050 පාඩු ආයතනයක් මෙල්බර්න් ගිය කියල ගොඩ යයිද. පින්තුර වලට නම් පෙනී හිටිනවා හැමෝම.හැබැයි පාඩු වෙනකොට පැත්ත පළාතේ නැ (දී)
වැඩේ නම් හොදයි (දී)
කොහොම කොහොම හරි කමක් නැහැ ලංකාවට හොද කාලයක් එනවානම් (දී)
ටෙලිකොම් එක ආණ්ඩුවට තියනකන් පාඩුයි.අද මොකෝ තත්වේ? ගුවන් සේවේ එමිරේට්ස්ලට තියනකන් ලාබයි. අද මොකෝ තත්වේ? ඕක එමිරේට්ස්ලට බැරි නම් වෙන කෙනෙක් හරි හොයලා ආපහු දෙන්න. ඒ දෙද්දී ඉන්දියන් හරි චයිනිස් හරි කොම්පැනියකට නැතිව ඉදිරියක් තියන කොම්පැනියකට දෙන්න. (නි)
ආණ්ඩුවේ ආයතන 5ක පාඩුව කෝටි 18500 ගිය අවුරුද්දේ විතරක්. අනික් ආයතන වල පාඩුව තව ගණන් හදලත් නැතිලු. ගුවන් සේවේ පාඩුව කෝටි 2050. මේක එමිරේට්ස්ලාගෙන් ආණ්ඩුවට ගනිද්දී ගැලරියේ ඉදන් ගිරිය පැලෙනකන් හුරේ දාපු අය පාඩු ලබද්දී සද්දයක්වත් නැහැ. (නි)
එක්කෙනෙක් කපනවා තව තුන් දෙනෙක් අල්ලන් ඉන්නවා. මේ උත්සවේ කියල කියක් නම් වියදම් කරන්න ඇතිද? අපේ සල්ලිනෙ ඉතින්.(නදී)
වරුණ, විෂයට අදාල සිවිල් ගුවන් සේවා ඇමති තුමාත් යවල එකේ බරත් අපිට පටවන්නද හදන්නේ..(අ)
බලන්න මොන තරම් හොද වැඩක්ද (දී)
ආව් නියමයිනේ ... (නි)
කාර්යාලයක් විතරක් මදි, ගුවන් ගමනුත් ආරම්බ කරන්න ඕනෑ ඉක්මනට (නි)
හොද දෙයක්.නමුත් ලාංකිකයන්ට සේවිකාවන් හොදට සළකයිද ?මම නම් ගොඩක් කලකිරිලා ඉන්නේ. වෙන එයාර් ලයින් එක්ක බලපුහම සර්විස් මදි. මම නම් ගොඩක්ම කලාතුරකින් තමා යන්නේ. අපි සල්ලි දීලා යනවා නම් කෝකත් එකයි.අපිට හොද සේවාව අවශ්‍යයයි (නි)
අපි නොදන්නා ලයිව්.(නදී)
ලෝකයේ ජනතාවට ඔසරිය කියලා ඇදුමක් තියන බව දැනගත්තේ අපේ ගුවන් සේවය නිසා. අපේ ගුවන්සේවය ලෝකයේ හැම රටකටම ව්‍යාප්ත වෙන්න ඕනේ.(නදී)
ගම කනlකට්ටිය තමා ඔය ඉන්නේ.(අ)
ගොඩාක් හොද වැඩක්
මේක අලුතෙන් පටන් ගන්න එකක් නෙවෙයි... අවුරුදු ගානකට කලින් අපිට තිබුන හොඳම ගමනාන්ත ටික නිකන්ම එමිරට්ස් එකට දීල දැම්ම. දැන් ඉතින් අපහු පටන් ගන්න හදනවා..(අ)
ලුම්බිණි, මෝඩකම එමිරේට්ස් එක්ක තිබුන ගිවිසුම නැති කරගත්ත එක නෙවෙයි. එමිරේට්ස් එක්ක ගිවිසුම් ගහලා අපේ තිබුන හොඳම ගමනාන්ත ටික එයාලට නිකන්ම දීලා දැන් බකන්නිලාගෙන ඉන්න එක. අපේ මිනිස්සුන්ට මුල මතක නැති නිසා මේ හැම දෙයක්ම පේන්නේ අලුත් දේවල් හැටියට.කොහොම නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවය හදන්න ඕනෑ නම් ඒක මුල ඉදලම අමුතුවෙන්ම හදන එක තමයි ලේසි. (නි)
නාමල් කුමාරයත් නැති තැනෙක් නැත . (අ)
ශ්රී ලංකන් එයාර් එකේ ඉන්නේ ඔලුව ඉදිමුන අය. චෙකින් කරන්න ගියත්, යානය ඇතුලේ සේවයත් අන්තිමයි. ආගන්තුක සත්කාරය මොකක්ද කියලා දන්නා අය අරගෙන ඔලුව තියෙන අය කළමනාකරණයට ගන්නවා නම් පාඩු නැතුව දුවන්න පුළුවන්. (නි)
හොඳ වැඩක් කියමුකෝ. එත් මේ බබා මොකද මෙතන කරන්නේ.(අ)
ශ්රී ලන්කන් එයාර් කර ගත්ත ලොකුම මෝඩකම තමයි එමිරේට් එක්ක තිබුන ගිවිසුම නැති කර ගත්ත එක. (නි)
මෙයාද දැන් ලංකාවේ ලොක්කා. හැම තැනම පේනවා දැන් දැන්.(නදී)
නියමයි!(නදී)
ශ්‍රීලන්කන් ගුවන්සේවයේ යන්න අකමැති හේතු2ක් තියනවා ප්‍රධාන හේතුව නියම වෙලාවට ගුවන්ගමන් නොයාම. / ගුවන් සේවක සේවිකාවන්ගේ පුහු මාන්නය නිසා බොහෝ ලාංකිකයන් වෙනත් ගුවන්සේවාවෙත යනවා .(අ)
දවස් කීයකටද දන්නේ නෑ ?(නදී)
ඇයි මේ හැම දෙයකටම දේශපාලකයෝ රිංගන්නේ?(අ)
ගුවන් සේවක සේවිකාවන්ට දැන්වත් හැසිරෙන හැටි කියල දෙන්න නැත්නම් ඉතින් පුදනකොටම කාපි යකා කිව්වලු. අපේ කට්ටියගේ අමුතු ඉදිමිල්ල නිසා ශ්‍රී ලාංකිකයෝ තෝරාගන්නේ අනෙක් ගුවන් සේවා.(නදී)