IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සම්මාන දෙකක්

(ටී.කේ.ජී. කපිල)

සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ සමූහය විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශය වෙත, 2021 "ලෙට්ස්" (Let's Talk Cargo) සම්මාන උළෙලේදී විශිෂ්ඨතා සම්මාන ද්විත්වයක් පිරිනමා තිබේ.

භාණ්ඩ සේවා විශිෂ්ඨතා සම්මානය (Cargo Service Excellence Award) සහ ගුවන් භාණ්ඩ ප්‍රවාහනය වර්ධනය සදහා වූ සම්මානය (Absolutely Cargo Award Groth) එම සම්මාන ද්විත්වයයි.

කොවිඩ්-19 වසංගත රෝගී තත්වය ව්‍යාප්ත වීමත් සමග ගෝලීය ගුවන් ගමන් තාවකාලිකව නතර වී තිබූ අවස්ථාවක, සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ වෙත භාණ්ඩ සහ ගුවන් මගීන් රැගෙන ගුවන් ගමන් ආරම්භ කළ පළමු ගුවන් සේවා අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය ද සිටියි.

උසස් පාරිභෝගික සේවාවක් සපයමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ, පෞද්ගලික වෛද්‍ය උපකරණ ඇතුළු හදිසි ද්‍රව්‍ය ප්‍රවාහනය සිදු කරමින්, ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සදහා වේගවත්, නව්‍ය විසදුම් ලබා දීම මෙම සම්මාන ද්විත්ව ලබා දීමට හේතු වී තිබේ.

එමෙන්ම පසුගිය මාස 10 ක කාළය තුළ සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලාංකිකයන් 1,500 දෙනෙකු ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන තිබේ.

සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ ලෝකයේ විශාලතම ගුවන් කේන්ද්‍රස්ථානයක් වන අතර එහි වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 68 ක් සහ ගුවන් යානා 382,000 ක් සහිත මෙට්‍රික් ටොන් මිලියන 03 ක ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සිදු කරයි.



අදහස් (4)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සම්මාන දෙකක්

GUWAN niyamuwek Friday, 05 March 2021 05:53 PM

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සම්මාන දෙකක්... ලෝකයේ වැඩිම පාඩු ලබන සහ සේවකයන් සිටින ගුවන් සමාගම නිසා වෙන්නට ඇත.

:       0       1

Rata Perata Sunday, 07 March 2021 08:45 AM

මේක හොඳ භාණ්ඩ ප්‍රවාහනයට විතරයි. මිනිස්සුන්ට කොහොමත් ඕකේ යන්න බැහැ. ගිනි ගණන්. ඉතාමත් අසාර්ථක කළමනාකරණයක් තියෙන්නේ. එමිරේට්ස් එකෙන් කරන කාලේ ඉතාම හොඳම සේවයක්.. තරගකාරී මිලක් වගේම ලාභත් ලැබුවා. රාජපක්ෂලා ඒක කා දැමුවා.

:       0       1

Pathum Sunday, 07 March 2021 04:58 PM

වැරදීමක්..!!! 

:       0       1

Dilshan Monday, 08 March 2021 07:47 AM

රටේ බදු මුදල් වලින් මිලියන කෝටි ගණන් පාඩු ලබන ශ්‍රී ලංකන් එකට මොන සම්මාන දුන්නත් ඇති වැඩේ මොකද්ද මහත්තයෝ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 612 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1028 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site