IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ශ්‍රී ලංකා සුපිරි සමාගම් දර්ශකය 5000 සීමාව පසුකරයි

ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳාම සම්බන්ධයෙන් මිණුම් ලබාගැනීම සඳහා ප්‍රමුඛ පෙළේ සමාගම් විස්සක දත්ත විශ්ලේෂණයෙන් ඉදිරිපත් කරන එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5000 සීමාව ඉක්මවීම ඊයේ සනිටුහන් කෙරිණ. කැපීපෙනෙන සමාගම්වල කොටස් මිල දී ගැනීමට දෙස් විදෙස් ආයෝජකයන් දක්වන උන්නදුව මෙයින් අනාවරණය කෙරේ.
 මෙම කාණ්ඩයට අයත්වීම සඳහා රු මිලියන පන්සියය ඉක්මවන පිරිවැටුමක් අවශ්‍ය අතර මාස හයක් තුළ අවම ගනුදෙනු ප්‍රමාණයක් වාර්තාකළ යුතුව තිබේ. අනෙක් අතට සාර්ථක ශුද්ධ ආදායමක් අඩ වසරක කාලයක් සම්පූර්ණ කර තිබිය යුතුවේ. මෙම ලක්ෂණ ඇතුළත් සමාගම්වලට මෙම දිනවල වාර්තාගත ලෙස ඉල්ලුමක් පවතින අතර එය හේතුකොටගෙන මෙම දර්ශකය ප්‍රගතියක් පෙන්නුම් කර ඇත.
ඊයේ පස්වරුවේ ගනුදෙනු අවසන් වන පසු වෙළෙඳපොළ ගනුදෙනු තවත් වටයකින් වර්ධනයවීමක් සටහන් විය. සියලු කොටස් මිල දර්ශකය 16,597.16 ක් වශයෙන් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 224.01 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,056.74 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 94.71 ක වර්ධනයක් සේ දැක්විය හැකිය. 
සමාගම් කිහිපයක් සිය මූල්‍ය වාර්තා විනිමය හා සුරැකුම් කොමිසමට ඉදිරිපත් කරන ලද අතර ඒවා ගනුදෙනුකරුවන් සඳහා ප්‍රසිද්ධ කොට තිබේ. එක්ස් පැක් සමාගම නියමයන්ට අනුව මූල්‍ය වාර්තා ඉදිරිපත් නොකිරීම හේතු කොටගෙන සුළු කාලවේලාවකට සමාගමේ ගනුදෙනු නතරකරන ලද අතර පසුව වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසු අවස්ථාව විවෘත කෙරිණ. 
බැංකු ආශ්‍රිිත සමාගම්වල කොටස් මිල දී ගැනීමට ආයෝජකයන්ගේ උනන්දුව මෙදින නිරීක්ෂණය කළ හැකිවිය. දිනයේ පිරිවැටුමට රු. බිලියන 8.316 වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව වර්ධනයකි. දිනය අවසානයේ දි ගනුදෙනු 43,172 ක් සිදුවී තිබේ. ලැයිස්තුගත සමාගම් 170 ක් ක කොටස් මිල ඉහළ ගියේය. සමාගම් 74 ක කොටස් මිල පහත වැටිණි. කලින් දිනවල මිල ඉහළ යාම හා ඒවා විකිණීමට උත්සාහ කිරීම මෙහි ප්‍රතිඵලය වූ බව පෙනේ. 
එස්.එම්.බී. ලීසිං, නේෂන් ලංකා, එච්.ඩී.එෆ්.සී. ලංකා ක්‍රෙඩිට්, ඇම්බියන්ස් හෝලිඩිං, බ්‍රවුන්ස් බීච්, ඩී.එෆ්.සී.සී. යන සමාගම්වල කොටස් වැඩිම ප්‍රතිශතයකින් ඉහළ ගියේය. ඒ අතරින් එස්.එම්.බී. ලීසිං, නේෂන් ලංකා, ඉකුත් සති පනස් දෙක තුළ අඩුම කොටස් මිලට පත්ව තිබී නැවතත් ඉහළට නැගෙන ලකුණු පහළ කොට ඇත. ඉදිරි දිනවල මෙම කොටස් සඳහා ඉල්ලුමක් ඇති වෙතැයි අපේක්ෂා කෙරේ. ලාෆ් පවර්, වර්කන්ටයිල් ෂිපිං, බැන්සි රෝයල්, ලී හෙජ්, ලංකා වෙන්චර් සහ මල්වත්ත වැලිවැවිලි සමාගම්වල කොටස් ඉහළම ප්‍රතිශතයකින් කොටස් මිල පහතට වැටුණු බව දැක්වේ.
හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 601ක්, ඩී.එෆ් සී.සී. රු. මිලියන 494 ක්, එන්.ඩී.බී. රු. මිලියන 407 ක්, සම්පත් බැංකුව රු. මිලියන 301 ක් හා එච්.ඩී.එෆ්.සී රු. මිලියන 255 ක කොටස් හුවමාරුව දිනයේ පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද බව සඳහන් කළ හැකිය. කොටස් වෙළෙඳ පොළ සම්බන්ධ දෛනික වාර්තා ගනුදෙනු පස්වරු 2.30 අවසන් කරන අතර ලෝකයේ දියුණුම තාක්ෂණයය භාවිතාකරන බව දක්වන නමුත් සාමාන්‍යයෙන් අලුත් දත්ත පැය ගණනක් යන තුරු www.cse.lk හි දෛනික කොටස් සාරාංශයට ඇතුලත් නොවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. 



අදහස් (0)

ශ්‍රී ලංකා සුපිරි සමාගම් දර්ශකය 5000 සීමාව පසුකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 247 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site