බලපත්‍රලාභී වාණිජ බැංකු, ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යා යුතු මුදල් තැන්පතු ප්‍රමාණය සියයට 2.00 දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
ඒ අනුව සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඊයේ (16) සිට ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 2.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (16) රැස් වූ අතර එහිදි මෙම තීරණය ගෙන තිබේ.
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතියේ මෙම අඩු කිරීම තුළින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවක් සැපයෙන අතර එමඟින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත් ආර්ථිකයේ ණය ප්‍රවාහ ගලා යෑම වේගවත් කිරීමටත් මුල්‍ය පද්ධතියට හැකියාව ලබා දෙයි.
ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 150කින් අඩු කිරීම සහ බැංකු අනුපාතිකය පදනම් අංක 550කින් අඩු කිරීම ඇතුළුව දැනටමත් ක්‍රියාවට නංවා ඇති අනෙකුත් බොහෝ ලිහිල්කරණ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අමතරව අද දින මෙම තීරණයත් සමඟ 2020 වසරේ මේ දක්වා කාලය තුළ දී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පදනම් අංක 300කින් පහළ දමා ඇත.
අඩු පිරිවැයක් යටතේ ව්‍යාපාර සහ කුටුම්භ වෙත ණය ලබාදීම ඉහළ නංවමින් මූල්‍ය අංශය විසින් ඉහළ මට්ටමේ ද්‍රවශීලතාව සහ අරමුදල් පිරිවැය පහළ යෑමේ ප්‍රතිලාභය ආර්ථිකය වෙත ප්‍රමාදයකින් තොරව ලබාදීම සඳහා කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.
මුදල් මණ්ඩලය ආර්ථික සහ මූල්‍ය වෙළෙඳපොළ වර්ධන අඛණ්ඩව සුපරීක්ෂණය කරන අතර ඉදිරි කාලයේදී ආර්ථික ක්‍රියාකාරීත්වයේ තිරසර නඟසිටුවීමකට සහාව වීම සඳහා තවදුරටත් ප්‍රතිපත්ති සහ නියාමන ක්‍රියාමාර්ග ගන්නා බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
055
2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩුකරයි
Buddhika P Wednesday, 17 June 2020 12:09 PM
ප්‍රබලම තීරණයක් තමයි, ද්‍රවශීලතා අනුපාත අඩු කිරීම. මේක ඉතාම, අවදානම් තීරණයක්. මේ තීරණේ විදේශ ආයෝජකයින්ට ඉතාම අහිතකර ලෙස රට ගැන වැරදි චිත්‍රයක් ඇති කරවනවා. කලකට පෙර තිබුණු, 11% - 10% මට්ටමේ ඉඳලා තමයි මේ 2% බස්සලා තියෙන්නේ. මේ වගේ දේවල් සඵල විදියට කරන්න පුළුවන්, ජපානය, ඇමෙරිකාව, ජර්මනිය වගේ විශාල ආර්ථිකයක් ඇති රටවලට විතරයි. ඉන්දියාවේ මේ අනුපාතේ 18% වෙනවා. මේ මොනවා කෙරුවත් ආර්ථිකයට ගලා යන්නේ ආසන්න වශයෙන් ඩොලර් බිලියන භාගයක මුදලක් විතරයි. අපේ ජාතික ආදායම ඩොලර් බිලියන 90 - 100ක් විතර වෙනවා. ලංකාවේ බැංකු 30ක් විතර තියෙනවා. ෆිනෑන්ස් කොම්පැනි 50ක් විතර තියෙනවා. ගොඩ ෆිනෑන්ස් කොම්පැනි දෙතුන් සීයක් තියෙනවා. සාමාන්‍ය ඉතුරුම් මට්ටම පහළ බහිනවා. බැංකු ටිකේ බෝනස් ගෙවලා ඉවර වුණාම ඕක ඉවරයි. අනික අපි නවත්තන එක ඉම්පෝර්ට් භාණ්ඩයකටම, අපේ එක්ස්පෝර්ට් භාණ්ඩයක් රට අය නවත්තනවා. රිටර්න් එක දෙනවා. ආර්ථිකේ අපේ වුණාට රිමෝර්ට් එක තියෙන්නේ, පිට අය අතේ. විනිමය අනුපාත නිදහස් කරලා, අපනයන දිරිමත් කිරීම විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. මේ පැලැස්තර නැතුව හොඳම දේ තමයි, ඇත්ත කියලා, ආර්ථික අවපාතේ මිනිස්සුන්ට දැනෙන්න අරින එක අවුරුදු 5කට...
Rohana Saturday, 20 June 2020 04:35 AM
දේශපාලන මැදිහත්වීම් නිසා ජාතික ආර්ථිකයට කුමන බලපෑමක් ඇතිවෙයිද? හොඳද? අයහපත්ද? මේ ගැන වෙනම විග්‍රහයක් කලහැකි අයෙක් සිටීද?