විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකාවේ උසස් තත්වයේ රබර් සහ අනෙකුත් විශේෂිත උසස් තත්වයේ නිෂ්පාදන ගෘහස්ථ භාවිතයට මෙන්ම සැකසුම් සඳහා ලබා ගැනීමට මෝල්ටාව විශේෂ උනන්දුවක් දක්වන බව ශ්‍රී ලංකාවේ මෝල්ටා ජනරජ මහ කොමසාරිස් රූබන් ගෝසි මහතා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා සමග පසුගියදා පැවැති සාකච්ඡා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව සහ මෝල්ටාව අතර ද්වි පාර්ශ්වික වෙෙළඳ සබඳතා තර කර ගැනීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී එම සාකච්ඡාව පැවැත්විණි.
එහිදී ශ්‍රී ලංකාව සමග ඇති ආර්ථික සබඳතා තරකර ගැනීමට මෝල්ටාව දක්වන විශේෂ උනන්දුව අවධාරණය කළ මහා කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට සිය උසස් තත්වයේ නිෂ්පාදන සහ සේවා විදේශ රටවලට සපයමින් සිය අපනයන ලැයිස්තුව පුළුල් කර ගැනීමට ඇති හැකියාවද පෙන්වා දුන්නේය.
යුරෝපා සංගමයේ උපාය මාර්ගික සාමාජිකයකු වන මෝල්ටාව සමග වෙෙළඳ සබඳතා තරකර ගැනීම මගින් ශ්‍රී ලංකාවට යුරෝපා වෙෙළඳපොළට ප්‍රවේශ වීමට ඇති හැකියාවද මහ කොමසාරිස් රූබන් ගෝසි මහතා එහිදී සඳහන් කළේය. මෝල්ටාවට රබර් සහ අනෙකුත් විශේෂිත උසස් තත්වයේ නිෂ්පාදන අපනයනය කිරීමෙන් මෙරටට යුරෝපා වෙෙළඳපොළට ප්‍රවේශ වීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි මහා කොමසාරිස්වරයා එහිදී ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ මෝල්ටාව වැනි විභව හවුල්කරුවන් සමඟ වෙෙළඳ සබඳතා වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාවේ උපායමාර්ගික අවධානය යොමු කරන බවය. රබර්, කුළුබඩු, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, මැණික් ගල් සහ ස්වර්ණාභරණ වැනි උසස් නිෂ්පාදන නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් කීර්තියක් ලබාගෙන ඇති බවද විජේසිංහ මහතා මහා කොමසාරිස්වරයාට පෙන්වා දී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ශ්රී ලංකා - මෝල්ටා ආර්ථික සබදතා තර කෙරේ