IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකන් ගුවන් සමාගමට තරු 4 පන්තියේ සම්මානයක්

ගුවන් සේවා මගී අත්දැකීම් සංගමය සංවිධානය කරනු ලැබු  සම්මාන උළෙලේදී  ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය විශිෂ්ටත්වය වෙනුවෙන් දෙවැනි වරටත් තරු හතර පන්තියේ සේවා ඇගයුම් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත්විය.
 
ලෝකය පුරා සිටින ගුවන්  මගීන් ඔවුන්ගේ  සමස්ත ගුවන් ගමන් අත්දැකීම් ඇගයීමට ලක් කිරීමෙන් මෙම ඇගයුම් ලබා දීමට ගුවන්සේවා මගී  අත්දැකීම් සංගමය කටයුතු කරනු ලැබ ඇති අතර  ඇගයුමට ලක් කිරීමේදී  ගුවන් යානයේ ආසන සුවපහසුව,ගුවන් මැදිරි සේවාව, ආහාර පාන, විනෝදාස්වාදක පද්ධතිය සහ Wi-Fi  යන සේවා ඇතුළත් කරමින් සංගමය විසින් පත් කරනු ලබන බාහිර  විගණන සේවා ආයතනයක සහතිකය මත මෙම ඇගයුම සිදු කර තිබේ.
 
සේවා ඇගයුම් ගුවන් සමාගම වෙත පිරිනැමීමට  අමතරව ශ්‍රීලංකන් ප්‍රචාරක වීඩියෝ දැන්වීමක් වන “ශ්‍රීලංකන් හා එක්ව ශ්‍රී ලංකාවට චමත්කාර ගමනක්” සඳහා විශිෂ්ට මුල් වීඩියෝව කාණ්ඩය යටතේ ප්‍රමුඛ ගුවන් සේවා වන කටාර් එයාර්වේස්,එමිරේට්ස්,සිංගප්පූරු ගුවන් සේවය ,එයාර් නිව්සීලන්ඩ් සහ කැතේ පැසිෆීක්  යන ගුවන්සේවා අභිබවා යමින් විශේෂ ඇගයුමට ලක්කර ඇත. 
 
“2018 වසරේ ආසියාවේ ප්‍රමුඛතම අලෙවි ව්‍යාපාරය” සහ “ 2018  වසරේ ඉන්දියානු සාගරයේ මෙහෙයුම් සිදුකරන ආසියාවේ  ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස   ශ්‍රීලංකන්  ගුවන් සමාගම  ආසියා සහ ඕස්ට්‍රලේෂියා ලෝක සංචාරක සම්මාන උළෙලේ දී ද සම්මාන ද්විත්වයක් ලබාගැනීමට ට සමත් විය.
 
ශ්‍රී ලංකන්  ගුවන් සමාගම  වර්තමානයේදී  රටවල්  48 ගමනාන්ත  114 ක්  වෙත සිය ගුවන් මෙහෙයුම් සිදු කරන අතර   වන්වර්ල්ඩ්  ගෝලීය ගුවන් සේවා සන්ධානයේ  සාමාජික  ගුවන් සේවාවක්  වශයෙන්   වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා  හරහා   රටවල් 160 ගමනාන්ත  1000 දක්වා පියාසර කිරීමේ  පහසුකම් ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට  හිමිවේ.

(36698)
 



අදහස් (8)

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට තරු 4 පන්තියේ සම්මානයක්

Kumara Monday, 08 October 2018 02:56 PM

තරු නැතිවුණාට වැඩක් නැහැ. ආයෝජකයෙක් ලැබුණානම් හොඳයි.

:       2       6

ashok Monday, 08 October 2018 03:14 PM

අපගෙන් සුබ පැතුම් !!!

:       0       15

a.b. srila Tuesday, 09 October 2018 04:38 AM

අනේ මන්දා... තරු කොහොම උනත් දැන් දෙන කෑම මෙලෝ රහක් නෑ. ඉන්න ගුවන් සේවිකාවෝ බොහෝ දෙනෙක් ඉතාම නුපුහුණු මට්ටමේ උද්දච්ච් කට්ටිය. EMIRATES කළමණාකරණයෙන් පස්සේ අපේ ගුවන්සේවේ සේවාව පුදුම විදියට පිරිහුණා. තරු ලැබුනට අලාභ ලබන්න හේතුව එකයි. අනික් ගුවන් සේවාවක සේවය ලැබූ සැනින් එක වැටහෙනවා.

:       4       123

OMG Tuesday, 09 October 2018 08:18 AM

අපිට නම් තරු ලැබිලා නෙමේ තරු පෙනිලා ගොඩාක් කල්...

:       0       2

jaseem Tuesday, 09 October 2018 06:05 PM

අපගෙන් සුබ පැතුම් ශ්‍රී ලන්කන්

:       1       5

Chaminda Thursday, 11 October 2018 02:48 AM

මේකත් නිකන් හොදම මුදල් ඇමතිට දුන්නු එක වගෙයි. මෙහෙන් වහන්න කතා කරනවා අරහෙන් සම්මාන දෙනවා බලන අපිට පිස්සු වගෙයි.

:       0       6

Kumar (Gulf) Thursday, 11 October 2018 07:15 AM

මේවා දවල් තරු වෙන්නැති ගිහන් බලන්න දෙන කෑම බල්ලෙකුට වත් දෙන්න හොඳ නෑ, මෙලෝ රහක් නෑ, සේවකයෝ කිසිම පිළිවෙලකට නොවෙයි ආහාර පාන දෙන්නේ, ඉස්සෙල්ලා කෑම බෙදලා පස්සේ ඩ්‍රින්ක්ස් දෙනවා, ඊළඟට තේ කොපි දෙනවා, හරක්ට කෑම දානවා වගේ, කතාකරොත් සැර වෙනවා.

:       0       5

තුසිත මුදලිගෙ Tuesday, 16 October 2018 05:22 AM

මෙගොල්ලන්ට තරු ලැබෙනකොට රටේ මිනිස්සුන්ට තරු පෙනිලා, මෙගොල්ලො ඉස්සර කරපුවට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31333 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13541 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11003 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site