(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ගොඩනැංවීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය දරන ලද උත්සාහයට ඇපෙක්ස් ගෝලීය සම්මානය හිමි වී තිබේ .
මෙම සම්මාන උළෙල ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර සම්මේලන මධ්‍යස්ථානයේ දී සැප්තැම්බර් 9 වැනි දා සිට 12 වැනිදා දක්වා පැවත්වා තිබේ.
ඇපෙක්ස් සංවිධානය යනු ගුවන් සේවා සමාගම් , ගුවන් සේවා සැපයුම්කරුවන් සහ ගුවන් සේවා ක්ෂේත්‍රයට අදාළ සමාගම් එක්ව පිහිටුවා ගෙන ඇති ලෝකයේ එකම ලාභ නොලබන සාමාජික වෙළෙඳ සංගමයයි .
මෙම තරගාවලිය සඳහා ලොව ප්‍රමුඛතම ගුවන් සේවාවන් වන කටාර් ගුවන් සේවය, වර්ජින් අත්ලාන්තික් ගුවන් සේවය ආදියේ ක්‍රියාකාරකම් ඇගැයීමකට ලක්කර තිබිණි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය පසුගිය වෙසක් උළෙල මුල් කරගනිමින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ , පිටත්වීමේ සහ පැමිණීමේ පර්යන්තවල සංවිධානය කර තිබූ වෙසක් දන්සල් සහ වෙසක් භක්ති ගීත ගායනා වැඩසටහන මෙම ලෝක ගුවන් සේවා සංගමයේ ඇගැයීමට ලක් වී තිබිණි .
මෙම වැඩසටහන් සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන්, ගුවන් නියමුවන්, ගුවන් යානා කාර්යය මණ්ඩල සාමාජිකයන්, ඉංජිනේරුවරුන්, විගනකවරුන් මෙන්ම ගුවන් යානා අභ්‍යන්තර පිරිසිදු කරන්නන් ද සහභාගී වී සිටියහ .
මෙම සම්මානය ඇපෙක්ස් සංවිධානයේ ප්‍රධාන වානිජ නිලධාරී ජෝෂුවා බුස්ටෝස් මහතා අතින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත ප්‍රදානය කර තිබේ .




COMMENTS
උණුසුම් සුභ පැතුම් ....
මේ අය සුද්දන්ට නම් හොඳට සලකනවා. ලංකාවේ අපිට නම් සැලකිලි අඩුයි.
එහෙම නැහැ ආගන්තුක සත්කාරය වැඩියෙන් කරනවා. මේ ගුවන් තොටේ ඉස්සර වෙසක් වලටවත් බකට් එල්ලන්න බැරි වුණු බුදු පිළිමයක් තියන්න බැරි වුණු සාම චෛත්‍ය යෝජනා වුණු ගමන් යටගිය එක්තරා ඉංජිනේරුවෙක් සහ අන්‍ය ආගමක බලධාරින් නිසා නමුත් මේ තත්වය දැන් වෙනස් වී ඇත. නමුත් පරිපාලනය බිඳ වැටී ඇත. බස් නැවතුමක් තරමටවත් පෙනුමක් නැතිවන ලෙස දැන්වීම් ගසා වනසා ඇත. නාම පුවරුද ජාත්‍යන්තර තත්වයේ නැහැ පිත්ත ඉදිකිරීම් සියල්ල සිංහල සංස්කෘතියෙන් පිට ආරුක්කු ඉදිකළ එළියේ අරාබි ආකෘතියක් ලෙස මගී ආවරණයක් ඉදිකරලා ඇති මේ ඔක්කොම ඡන්දෙ ලබාගන්න කරපු පාවාදීම ලෙස දකිමු.
ඇපෙක්ස් සංවිධානය යනු ගුවන් සේවා සමාගම්, ගුවන් සේවා සැපයුම්කරුවන් සහ ගුවන් සේවා ක්ෂේත්‍රයට අදාළ සමාගම් එක්ව පිහිටුවා ගෙන ඇති "ලෝකයේ එකම ලාභ නොලබන සාමාජික වෙළෙඳ සංගමයයි. ඒ වගේම ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් ලාභ නොලබන ජනතාවගේ බදු මුදලින් පවත්වාගෙන යනු ලබන ගුවන් සේවා ආයතනයකි.
මේ පාර සම්මාන දීලා අලුත් යානා අැණවුම් කරවන්න හදන්නේ...
මේ ගොල්ලෝ පහුගිය කාලේ ගත්තු සම්මාන කන්දරාව නිසා අපිට දැන් ඔලුව උස්සගන්නත් බැරි වෙලා තියෙන්නේ.
වැරදි කොතකුත් ඇතත්, ජයග්‍රහණයක් භුක්ති විඳින්නත්, පරාජයකින් පෝෂණය ලබන්නත් අප පුරුදුවිය යුතුයි. අපේ ජනතාව ළඟ නැත්තෙත් එයමයි.
රට වැනසූ පල් හොරුන් පන්නා දමමු.
ලොව වටා යානා අපේ කාන්තාවන් අගය කළයුතු වෙනවා. ශ්‍රී ලංකන් අපේ ගුවන් සේවාව පිටරටකදී දකින එක ගැන අපිට ගැන ආඩම්බර වෙන්න පුළුවන්. තම රටේ ගුවන් සේවාවේ නොයන මුදල් ගැන හිතන පිරිසකුත් ඉන්නවා.
මෙතන ඉන්න බොහොමයක් ම ගුවන් තොටුපළේ වැඩකරන කාලයේ 1986 දී පමණ වයස 19 , 20 ගැහැණු ළමුන් දිගටම අත නොහැර ශ්‍රී ලංකන් සේවයේ යෙදෙන ඔබලා අගය කරමි.
ගොඩක් ගුවන් සේවිකාවන් ලංකාවේ මැදපෙරදිග සේවය කරන අයව ගණන් ගන්නේ නැහැ. එයාලගේ ගණන් තමා බලන්න වෙන්නේ.
මම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන් කරලා නම් නැහැ. කටුනායකින් පිටත්වෙන සෑම අවස්ථාවකම ගුවන් තොටුපොළ ඇතුලේ සිටින එම ගුවන් සේවයේ නිළධාරීන් අපට බොහොම හොදට සැලකුවා. 1980 මගේ උසස් අධ්‍යාපනය අවසන් කර ලංකාවට පැමිණියේ එවකට තිබු එයාර් ලංකා ගුවන් සේවයෙන්.
සම්මාන ලැබුණට ලාභ ලබාගන්න බැරුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය දුවන්නේ මහා භාණ්ඩාගාරයේ රටේ මහාජනතාවගේ මුදල් වලින්නේ...
සිංහලෙන් කතා කලොත් සැළකිල්ල බොරු