නිමල කොඩිතුවක්කු
ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මගින් නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාදෙන බව පවසමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ ගුවන් සේවා සමීක්ෂණයක් සිදුවන බවත් තම සමාගම එවැනි ප්‍රවේශ පත්‍ර ලබාදීමක් සිදු නොකරන බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියයි.
ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සෘජුව මැදිහත්වීමකින් තොරව සිදුකරන ප්‍රවර්ධන ව්‍යාපාර සම්බන්ධයෙන් කිසිදු වගකීමක් සමාගම භාර නොගන්නා බවද එම සමාගම සඳහන් කරයි.
ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ලබාදෙන සියලුම ප්‍රවර්ධන දීමනා www.srilankan.com යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවත්, ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් වෙබ් අඩවියට සෘජු සම්බන්ධයක් නැති වෙබ් අඩවි වලට පිවිසීමෙන් වළකින ලෙසත් එම සමාගම ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd