IMG-LOGO

වී වගාවට නම් දැරූ අනුරාධපුරයේ රබර් වගාව

බස්නායක මහතා සිය වගාවේ මුල් වරට කිරි කැපීමේ අවස්ථාවට එක් වෙමින්


රබර් වගා ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ 2019 වසරේදීරබර් වගාව යටතේ අතුරු භෝග වගා කිරීමට අවශ්‍ය මූල්‍යමය දායකත්වයත් ගොවීන්ට ලබාදීලා
මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව, නාච්චාදූව, නැගෙනහිර නුවරගම් පළාත, මධ්‍යම නුවරගම් පළාත, නොච්චියාගම, ඉපලෝගම, කහටගස්දිගිලිය, හොරොව්පතාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව රබර් වගාකරලා
රබර් වගාවේ කිරි කැපීමේ අවස්ථාව දක්වා පැමිණීමට වසර හයක පමණ කාලයක් ගතවෙනවා
අක්කරයක රබර් වගා කිරීමට වැය වන මුදල රුපියල් ලක්ෂ තුනකට ආසන්නයි
අක්කරයකින් මසකට රුපියල් හැත්තෑදහසක පමණ මුදලක් ඉපයිය හැකියි 


සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග   


නෙළාගත් රබර් කිරි අස්වැන්න එකලස් කරමින්

ඔට්ටපාලු‍ සකසමින්

යන්ත්‍රාණුසාරයෙන් සැකසු ඔට්ටපාලු‍ පැදුරු

දහසින් වැව් බැදි අනුරාධපුරය කෘෂිකර්මාන්තය සඳහා නම්දැරූ මෙරට ප්‍රමුඛතම දිස්ත්‍රික්කයකි. වී සමග උදු, සෝයා, බඩඉරිඟු, කෙසෙල් ආදි බෝග වගා සඳහා එහි වැඩි බිම් ප්‍රමාණයක් වෙන්වී තිබේ. එයින්ද අක්කර දසදහස් ගණනක් වී වගාව සදහා වෙන්වන විට පහත රට එළවළු වගාව ද සාර්ථකව සිදුකෙරේ. වසරේ වැඩි කාලයක් පෑවිල්ලෙන් පීඩා විදින හෙයින්ම තෙත් කලාපීය ප්‍රදේශවලට ආවේනිකව පවතින බෝග වගාව මෙහි දුෂ්කර වී තිබේ. එහෙත් මහවැලි ව්‍යාපාරයේ පැමිණීමත් සමග මෙහි ගොවීන් විවිධ අත්හදා බැලීම් වෙත යොමුව තිබේ. 
එවැනි පසුබිමක අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ සර්ථකව සිදුකළ රබර් වගාවක කිරී අස්වනු නෙළීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. අනුරාධපුර නගරයට කිලෝ මීටර් කිහිපයක් මෙපිටින් පිහිටි තලාව ප්‍රදේශයේ මෙම රබර් වගාව කර තිබේ. තලාව, කුරුඳුවැව ගම්මානයේ එස්. බස්නායක මහතා අක්කර හතරක භූමි ප්‍රමාණයක ඉතා සාර්ථකව වගා කර ඇති රබර් වගාවේ කිරි කැපීම මෙසේ ආරම්භ කළේය. එතෙක් පැවැති සම්ප්‍රදායෙන් බැහැරව විවිධ අභියෝග මධ්‍යයේ සිදුකොට ඇති වගාව දැන් නෙතට ප්‍රිය දසුනක්ව පවතී. කලාවැවේ දියවර ගෙන ගලන ජයගග මායිමේ මෙම රබර් වගා භූමිය දිස්වේ. තෙත් කලාපයේ ආර්ථික බෝගයක් ලෙස වගා කෙරෙන රබර් අනුරාධපුරයේ දේශගුණික තත්වය යටකේ ද මනාව වගාකළ හැකි බව මේ අනුව සනාත වී තිබේ. 
එස්. බස්නායක මෙම අභියෝගාත්මක වගා ව්‍යාපෘතිය පිළිබදව මෙසේ කීවේය. 
“මෙහේ රබර් පදම් කරන්න අමාරුයි කියන මතයත් එක්ක මුලින් මේ වැඩේට යොමු වෙන්න පොඩි බයක් තිබුණා. ඒත් නිලධාරි මහත්වරුන්ගේ උපදෙස් එක්ක ඒ බය මගඇරුණා. අපි මෙහේ වී වගාව තමයි වැඩියෙන් කරන්නේ. රබර් වගාව කියන එක අපිට අලු‍ත්ම අත්දැකීමක්. කිරි කපන විදිහ වගේම අනිත් හැමදේම ගැන අපිට උපදෙස් ලැබුණා. රබර් කපනවා කියන එක වෙනම ඉගෙන ගන්න ඕන වැඩක්. ඒක හරියට කලාවක් වගේ වැඩක්. කොහොම හරි දැන් දෙයියනේ කියලා ආදායමක් ගන්න පුළුවන් මට්ටමට මේ වගාව ඇවිල්ලා තියෙනවා. දැන් තියෙන්නේ පරිස්සමින් නඩත්තු කරන එක විතරයි.” 
රජරට හා උතුරු පළාතේ රබර් වගාව ව්‍යාප්ත කර එම ප්‍රදේශවල ජනතාවගේ ආර්ථිකය ඉහළ නැන්වීමේ අරමුණින් රජය ආරම්භ කළ වැඩසටහනට සමගාමීව බස්නායක මහතා ද රබර් වගාවට එක්ව ඇත. මෙම රබර් වගා ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ 2019 වසරේදී ය. රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහනාධාර සහ උපදේශන දායකත්වය සමග රබර් පර්​ෙ ය්ෂණ ආයතනයේ අධීක්ෂණය යටතේ මෙම වගාව සිදුකර තිබේ. රබර් වගාව යටතේ අතුරු භෝග වගා කිරීම සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය ද මෙහිදී ගොවීන් වෙත ලබාදී තිබේ. 
මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව, නාච්චාදූව, නැගෙනහිර නුවරගම් පළාත, මධ්‍යම නුවරගම් පළාත, නොච්චියාගම, ඉපලෝගම, කහටගස්දිගිලිය, හොරොව්පතාන යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව රබර් වගාකර තිබේ. සමස්තයක් ලෙස දිස්ත්‍රික්කය පුරා අක්කර 20 කට වැඩි බිම් ප්‍රමාණයක මෙසේ රබර් වගාව කර ඇති බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ඉන් වඩාත් ඵලදායක රබර් වගා භූමිය බස්නායක ගොවි මහතා සතුව පවතී. බස්නායක ගොවි මහතා මෙසේ ද අදහස් දැක්වුවේය.
“දැනට අපි පවුලේ කට්ටිය එකතු වෙලා තමයි මේ වැඩ ටික කරගෙන යන්නේ. මගේ උදව්වට එක්කෙනෙක් ඉන්නවා. මං නැති කාලෙක වුණත් මේ ගොවිතැන දැන් නඩත්තු කරගෙන යන්න පුළුවන්. උදේම නැගිටලා වැඩ පටන් ගත්තහම උදේ දහය විතර වෙනකොට වැඩ ඉවරයි. අපි ඉන්නේ මහවැලි කලාපේ නිසා මෙහේ කාලගුණෙත් දැන් ගොඩක් දුරට වෙනස් වෙලා තියෙන්නේ. ඒ හින්දා මට නම් හිතෙන්නේ දැන් මෙහේ වවන්න බැරි දෙයක් නෑ කියලා.” 
රබර් වගාවේ කිරි කැපීමේ අවස්ථාව දක්වා පැමිණිමට වසර හයක පමණ කාලයක් ගත වේ. ඒ අතර වාරයේ දී විවිධ අතුරු භෝග වගා කිරීමට ද හැකියාව පවතී. බස්නායක මහතාගේ රබර් වගාවේ යටි වගාවක් ලෙස මේ වන විට කොකෝවා වගා කර ඇත. අක්කරයක රබර් වගා කිරීම සඳහා වැය වන මුදල රුපියල් ලක්ෂ තුනකට ආසන්න වන බව සදහන්වේ. එහෙත් ඉන් ඵලදාව ලැබීමට පටන් ගැනීමෙන් පසුව අක්කරයකින් මසකට රුපියල් හැත්තෑදහසක පමණ මුදලක් ඉපයිය හැකි බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. 
ඉකත් දිනක සිදුකෙරුණු බස්නායක ගොවි මහතාගේ රබර් වගාවේ නෑඹුල් කිරි කැපීමේ අවස්ථාව සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා කනේරු, රබර් පර්​ෙ ය්ෂණ ආයතනයේ සභාපති ප්‍රියන්ත වීරසිංහ යන මහත්ම, මහත්මීන් ඇතුලු‍ පිරිසක් එක්ව සිටියහ.



අදහස් (0)

වී වගාවට නම් දැරූ අනුරාධපුරයේ රබර් වගාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 379 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 836 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site