IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


විශිෂ්ටතම ආයතනික පුරවැසි සම්මාන උළෙලේදී CBL පෙරමුණ ගනී

(චමින්ද මුණසිංහ)

වාර්ෂිකව 17 වැනි වරටත් පසුගියදා පැවැති විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන’ 2020 උළෙලෙහිදී ප්‍රථම ස්ථානය දිනාගැනීමට CBL සමූහය සමත්වීය. ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේදී තිරසාරතාව හා විශිෂ්ට ආයතනික පුරවැසිභාවය වෙනුවෙන් පෞද්ගලික අංශයෙහි ව්‍යාපාරික ආයතන වෙත පිදෙන ඉහළම සම්මානය වන්නේ මෙයයි.

CBL ආයතනය විසින් එහි සැපයුම් දාමයට සහ ඉන් ඔබ්බට යමින් එකතු කරන ලද අර්ථවත් වටිනාකම් සහ තිරසාරත්ව ව්‍යාපාර භාවිතාවන් වෙනුවෙන් සිදු කරන ලද දායකත්වය මෙම සම්මානය මඟින් ඇගයීමට ලක් කරන ලදී. අඛණ්ඩව වසර 14ක් පුරාවට විශිෂ්ටතම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට තේරී පත්වුණු CBL ආයතනය මෙවර එහි ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් වීමෙන් පෙනී යන්නේ CBL සමූහයේ තිරසාරත්ව ගමන් මඟෙහි සාර්ථකත්වය බව එම සමාගම සඳහන් කරයි.

“අපේ නිෂ්පාදන හරහා ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත වලට අර්ථවත් වටිනාකම් එකතු කිරීමට අපි හැමවිටම උත්සහ ගන්නවා. එය අපිට තනිව යාහැකි ගමනක් නොවේ. අපගේ ඉලක්ක වෙත ළඟාවීම සඳහා සහයෝගය ලබා දෙන අපට ශක්තියක් වන සැපයුම්දාම පාර්ශවකරුවන් වගේම අපත් සමග දියුණුව වෙත යන අපගේ ව්‍යාපාරික හවුල්කරුවන් හා පාරිභෝගිකයින් කියන්නේ අපේ ව්‍යාපාරය සමග බැඳුණු වටිනා කොටසක්. විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාරතා සම්මාන උළෙලෙහි ප්‍රථම ස්ථානය දිනාගැනීමට ලැබීම ගැන අපි ඉතාමත් ආඩම්බරයට පත්වෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වන්නට අපට සහයෝගය ලබාදෙන අපගේ ආදරණීය පාරිභෝගික ජනතාව වෙතද අපේ හදපිරි ස්තුතිය හිමි වෙනවා.” යනුවෙන් CBL සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂිකා ශ්‍යාමලී වික්‍රමසිංහ මහත්මිය පැවසුවාය.

CBL සමූහය තම නිෂ්පාදන සඳහා අවශ්‍ය ධාන්‍ය වර්ග, පලතුරු වර්ග, එළවළු වර්ග සහ කුළුබඩු යනාදී කෘෂි අමුද්‍රව්‍ය ලබාගැනීම සඳහා 13,000 කට අධික සම්ප්‍රදායික සහ කාබනික ගොවි ජාලයක් හා එක්ව කටයුතු කරයි. එමෙන්ම එම ගොවි ජනතාවට වඩාත් ස්ථාවර සහ සුරක්ෂිත ජීවනෝපායක් ළඟා කරගැනීම සඳහා ද CBL සමූහය සුවිශේෂී දායකත්වයක් ලබාදේ. 2019/20 මුල්‍ය වර්ෂය තුලදී පමණක් CBL සමූහය රුපියල් බිලියන 6කට වැඩි වටිනාකමින් යුතු කෘෂි නිෂ්පාදන දේශීය ගොවීන්ගෙන් මිලදී ගෙන තිබේ. ඊට අමතරව රුපියල් බිලියන 2.5ක මුදලක් ආයෝජනය කරමින් CBL සමූහය, කෘෂිකර්ම ක්ෂේත්‍රයෙහි යාන්ත්‍රිකකරණ, ස්වයංක්‍රීයකරණ හා තරගකාරීත්වය ඉහළ නැංවීම වෙනුවෙන් දායක වී ඇති අතර, ගොවීන්ට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් හා යහපැවැත්මක් ඇතිකිරීම වෙනුවෙන් ‘ගොවි පවුල’ වැඩසටහන හරහා දායකත්වය ලබා දෙයි.

 



අදහස් (0)

විශිෂ්ටතම ආයතනික පුරවැසි සම්මාන උළෙලේදී CBL පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 30 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site