IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වාහන - උපාංග අපනයනයෙන් ඩො .බි . 2 ක් උපයන්න යයි

 


යොහාන් භාසුර


ශ්‍රී ලංකාව ඉදිරි වසර පහ තුළ වාහන සහ උපාංග අපනයනය කිරීම සහ සංරචක අපනයන ආදායම ඩොලර් මිලියන 800 සිට ඩොලර් බිලියන 2 ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වෙයි.

මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමඟ අමතර රැකියා 45,000 ක් පමණ නිර්මාණය වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පවසති.

දේශීයව එකලස් කළ වාහන සඳහා ප්‍රමුඛත්වය දෙන තරගගාරී බදු ව්‍යුහයක් ක්‍රියාත්මක කරන ලෙස ආයෝජකයන් ඉල්ලා සිටින බවත් එවැනි ක්‍රියාමාර්ගයක් තුළින් වාහන කර්මාන්ත අංශය ඉදිරියට ගෙන යෑමට, ආයෝජකයන් ආකර්ශනය කිරීමට සහ දිගුකාලීන ශක්‍යතාව සුරජෂිත කිරීමට බලපානු ඇති බවත් ඔවුහු සඳහන් කරති.

වාන එකලස් කිරීම සහ මෝටර් රථ උපාංග නිෂ්පාදනය යන කර්මාන්ත දියුණු කිරී​ෙමන් ආර්ථිකය සිවිබල ගැන්වීය හැකි බව කියන ආර්ථික විශේඥයෝ රැකියා උත්පාදනය, විදේශ විනියම ආරක්‍ෂා කිරීම සහ තාක්‍ෂණික නවෝත්පාදනය වැනි අමතර ආර්ථිකමය දීමනා ද ළගාවන බව ද සඳහන් කරති.

මෝටර් රථ, යතුරුපැදි සහ විදුලි ත්‍රීරෝද රථ ඇතුළු විවිධ මාදිලියේ වාහන එකලස් කරන කර්මාන්තශාලා 17 ක් කර්මාන්ත අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන බවත් එවැනිම වාහන එකලස් කිරීමේ ව්‍යාපාර ආරම්භ කිරීමට නව ආයෝජකයන් 20 කට ආසන්න සංඛ්‍යාවක් සූදානමින් සිටින බවත් ඔවුහු කියති.

ශ්‍රී ලංකාවේ උපාංග නිපුයුම් අංශය බැටරි, ටයර්, බම්පර්, ආසන, ප්ලාස්ටික් කොටස්, සංයුක්ත කොටස්, ලයිනර්, කම්බි පටි, රබර් උපාංග, සහ ලෝහ උපාංග ඇතුළු උසස් තත්වයේ මෝටර් රථ කොටස් නිෂ්පාදනය කරයි.



අදහස් (0)

වාහන - උපාංග අපනයනයෙන් ඩො .බි . 2 ක් උපයන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 302 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site