IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


වසර 25ක සේවා කාලයක් සපිරූ කොමර්ෂල් බැංකු කාර්ය මණ්ඩලයට උපහාර

කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා පැවැත්වූ 2024 වසරේ බැංකුවේ වාර්ෂික ජ්‍යෙෂ්ඨත්ව සම්මාන උළෙලේ දී, වසර 25ක සේවා කාලයක් හිමි සේවක සේවිකාවන් 37 දෙනකු ඇගයීමට ලක් කළ අතර එහි දී ඔවුන්ට වටිනා තිළිණ සහ ඇගයීම් ඵලක පිරිනැමුණි. 
කොළඹ, කිංග්ස්බරි හෝටලයේ පැවති මෙම උත්සවයට කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන්, බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සහ ආයතනික සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නියෝජිතයෝ සහභාගී වූහ. 
මෙම සම්මානලාභී පිරිසගෙන් බොහෝ දෙනකු පාසල් අධ්‍යාපනය අවසන් කරනවාත් සමගම 1999 වසරේ දී බැංකුවට සම්බන්ධ වී ඇති අතර ඔවුන් මේ වන විට බැංකුවේ විවිධ දෙපාර්තමේන්තුවල සහ ශාඛාවල තනතුරු හොබවන බව බැංකුව පවසයි.
කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ආයතනික කළමනාකාරීත්වයේ සාමාජිකයන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන් සමගින් ජ්‍යෙෂ්ඨත්ව සම්මානලාභීන් මෙම සේයාරුවෙන් දැක්වෙයි.



අදහස් (0)

වසර 25ක සේවා කාලයක් සපිරූ කොමර්ෂල් බැංකු කාර්ය මණ්ඩලයට උපහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 160 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 648 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1053 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site