IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


“වසරේ ශ්‍රී ලාංකිකයා”‍ ආචාර්ය නන්දලාල් වීරසිංහ

විමුක්ති එස්. රුද්‍රිගු
මෙරට ප්‍රමුඛතම ව්‍යපාරික සඟරාවක් වන “එල්.එම්.ඩී”‍ සඟරාව 2024 වසර සඳහා “වසරේ ශ්‍රී ලාංකිකයා”‍ ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නම් කර ඇත.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වසරේ ශ්‍රී ලාංකිකයා ලෙස නම් කරමින් ”‍එල්.එම්.ඩී”‍ සඟරාව ප්‍රකාශ කර සිටියේ මෙරට දැඩි ලෙස කඩා වැටුණු ආර්ථිකය ගොඩ නැගීම ආරම්භ වීම මහ බැංකු අධිපතිවරයාගේ නායකත්වයෙන් සිදු වූ බවයි. ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති අභියෝග පිළිබඳව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා යථාර්ථවා දී වූ බවත් මෙරට ඇතිවූ ආර්ථික අර්බුදය ක්ෂණිකව විසඳිය නොහැකි යැයි ඔහු පිළිගත් බවත් ”‍එල්.එම්.ඩී”‍ සඟරාව පැවැසුවේය.
වීරසිංහ මහතා මෙරට ආර්ථික අර්බුදයේ සැබෑ ස්වරූපය ජනතාවට පහදා දුන් බවත් දුෂ්කරතා එම වසරේ දෙසැම්බර් මාසය තෙක් පවතිනු ඇතැයි ඔහු අවංකව අනාවැකි පළකළ බවත් “එල්.එම්.ඩී”‍ සඟරාව ප්‍රකාශ කළේය. වීරසිංහ මහතා 2022 වසරේ අප්‍රේල් මස මහ බැංකු අධිපති ධුරයට පත්වන අවස්ථාවේ මෙරට උද්ධමනය සියයට 29.8 ක් වූ බවත් පසුව නොවැම්බර් මාසයේ දී උද්ධමනය සියයට 61 දක්වා ඉහළ ගිය බවත් “එල්.එම්.ඩී”‍ සඟරාව සඳහන් කළේය.



අදහස් (0)

“වසරේ ශ්‍රී ලාංකිකයා”‍ ආචාර්ය නන්දලාල් වීරසිංහ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 302 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site