භානුක අමරසිංහ
මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා මුල් මාස හයක කාලයේදී මෙරටට පැමිණි සංචාරකයන් දෛනිකව සිදු කළ වියදමේ සාමාන්‍ය අගය එක්සත් ජනපද ඩොලර් 171.74ක් ලෙස සටහන්ව තිබේ. සංචාරක සංවර්ධන අධිකාරිය මගින් නිකුත් කළ අලුත්ම වාර්තාවක මේ බව සඳහන් වෙයි. ඒ අනුව මෙය 2024 වසරේ දෛනික සංචාරක වියදමේ සාමාන්‍ය වන එක්සත් ජනපද ඩොලර් 181.15 හා සැසඳීමේදී ඩොලර් 9.41ක අඩුවීමකි.
2025 වසරේ මුල් මාස හයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,168,044ක් වන අතර, එම සංචාරක පැමිණීම් හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,712.6 කි. එහිදී ජනවාරි මාසයේ සිට ජූනි දක්වා කාලය තුළ පැමිණි සංචාරකයකු මෙරට රැඳී සිටි රාත්‍රී ගණනේ සාමාන්‍ය 8.34 ක් ලෙස සටහන්ව තිබේ.
2024 වසර තුළදී මෙරට වෙත සංචාරකයන් 2,053,465ක් පැමිණ ඇති අතර, ඔවුන්ගෙන් ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 3,168.6 කි. එහිදී 2024 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ සංචාරකයන් මෙරට රැඳී සිටි රාත්‍රී ගණනේ සාමාන්‍ය දින 8.42ක් ලෙස සටහන්ව තිබේ.
2023 වසරේදී මෙරටට පැමිණි සංචාරකයන් දෛනිකව කළ වියදමේ සාමාන්‍ය අගය එක්සත් ජනපද ඩොලර් 164.4ක් ලෙස සටහන් විය. වසර තුළ සංචාරකයන් මෙරට රැඳී සිටි දින ගණනේ සාමාන්‍ය 8.44 කි.
2025 ඔක්තෝබර් මස 08
1377
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1276
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
464
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වසරේ මුල් මාස හයේදී දෛනික සංචාරක වියදම් ඩොලර් 9.41කින් පහළට