IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වසරේ පළමු ගනුදෙනු දිනයේදීම කොටස් වෙළෙඳ පොළ ඉහළට

  • ඉතිහාසයේ පළමුවරට ASPI ඒකක 16,000 ඉක්මවයි
  • දෛනික පිරිවැටුම රුපියල් බිලියන 12 ඉක්මවයි

භානුක අමරසිංහ
2025 වසරේ පළමු ගනුදෙනු දිනය ලෙස කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ක්‍රියාත්මක වූ ඊයේ (02දා) දිනයේදී සියලු‍ම දර්ශක අගයන්හි කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා විය. 
ඒ අනුව එහි ඉතිහාසයේ පළමුවරට සියලු‍ කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 16,000 ඉක්මවමින්, දිනයේ ගනුදෙනු අවසානයේදී ඒකක 16,348.55ක් ලෙස සටහන් විය. මෙය පෙර දිනය (දෙසැ 31) හා සැසඳීමේ දී ඒකක 403.94ක් එනම් සියයට 2.53ක ඉහළ යාමකි. 
එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් (S&PSL20) දිනය අවසානයේ දී ඒකක 4,971.87ක අගයක් ගත්තේය. මෙය පෙර දිනය හා සැසඳීමේ දී ඒකක 109.77ක එනම් සියයට 2.26ක ඉහළ යාමකි. මේ අතර දිනය තුළ දී කොටස් 541,584,441ක් ගනුදෙනු වී ඇති අතර එහි සමස්ත පිරිවැටුම රුපියල් 12,862,020,237.00ක් ලෙස සටහන් විය.  



අදහස් (0)

වසරේ පළමු ගනුදෙනු දිනයේදීම කොටස් වෙළෙඳ පොළ ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 302 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site