IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වසරකට කිරි නිෂ්පාදනය සියයට පහකින් වත් වැඩිකරන්න ඕනෑ

  • වර්තමානයේදී වසරකට නිපදවන්නේ කිරි ලීටර් මිලියන 400ක් පමණයි
  • එය අවශ්‍යතාවෙන් සියයට 40ක් පමණයි

භානුක අමරසිංහ

මෙරට දියර කිරි අවශ්‍යතාවෙන් සියයට 50ක්වත් සපුරා ගැනීමට නම් ඉදිරි වසර පහ ඇතුළතදී වසරකට කිරි නිෂ්පාදනය සියයට 5ක් බැගින්වත් ඉහළ දැමීමට අවශ්‍ය බව සමස්ත ලංකා කිරි නිෂ්පාදකයන්ගේ සංගමයේ (AIDA) සභාපති අශෝක බණ්ඩාර මහතා පවසයි.

පසුගියදා ලංකා වාණිජ මණ්ඩලයේදී පැවැත්වුණු එම සංගමයේ වාර්ෂික මහා සම්මේලනයේදී යළිත් වරක් එම ධුරයට පත්වීමෙන් අනතුරුව ලංකාදීප FT වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
“වර්තමානයේදී මෙරට වාර්ෂික කිරි නිෂ්පාදනය කිරි ලීටර් මිලියන 400ක් පමණ වෙනවා. එය මෙරට ජනතාවට අවශ්‍ය කිරි නිෂ්පාදනයෙන් සියයට 40ක ප්‍රමාණයක්. රට කිරිවලින් ස්වයංපෝෂිත කරන එක අරමුණක් විදියට තියාගෙන අඩුම තරමින් අවශ්‍යතාවයෙන් සියයට 50ක් වත් සපුරන්න නම් අපි ඉදිරි වසර පහ ඇතුළතදී වසරකට කිරි නිෂ්පාදනය සියයට 5ක් බැගින්වත් ඉහළ දැමිය යුතු වෙනවා.“

මෙලෙස වසර වසරකට කිරි නිෂ්පාදනය සියයට 5 කින් එනම් කිරි ලීටර් මිලියන 50කින් වැඩි කරගත හැකි වුවහොත්, වසර පහක් තුළදී එය කිරි ලීටර් මිලියන 250ක අගයක් ගනු ඇති බව ඒ මහතා සඳහන් කරයි. ඒ අනුව දැනට පවතින කිරි ලීටර් මිලියන 400ත් අලු‍තින් එකතු වන මෙම අගයත් සමගින් එය කිරි ලීටර් මිලියන 650ක පමණ අගයක් ගනු ඇතැයි ඒ මහතාගේ අදහස වී තිබේ.

“මේ ප්‍රමාණය අපගේ අවශ්‍යතාවෙන් සියයට 50ක් 55ක් අගයක් ගනීවි. එවැනි මට්ටමකට එන්න පුළුවන් නම් එය ලොකු දෙයක්.“

කෙසේ වෙතත් මෙම ඉලක්කය සපුරා ගැනීම රජයට මෙන්ම පෞද්ගලික අංශයටද තනිවම සිදු කළ නොහැකි බවත් සභාපතිවරයා සඳහන් කළේය. “මේ සඳහා දෙගොල්ලොම එකතු වෙන්න ඕනේ. කෘෂිකර්ම ඇමතිවරයාට ඒ සම්බන්ධයෙන් හොඳ දැනීමක් තියෙනවා. අපි ඉදිරියට එන අයවැය සඳහාත් ජනපතිවරයා හමුවෙලා අපගේ යෝජනා ඉදිරිපත් කරන්න බලාපොරාත්තු වෙනවා.“ 

විශේෂයෙන්ම ලංකාව තුළ එකතු කෙරෙන දියර කිරි අතරින් සියයට 65ත් සියයට 70ත් අතර ප්‍රතිශතයක් සිය සංගමයේ සාමාජික සමාගම් හරහා එකතු කෙරෙන බව පවසන සභාපතිවරයා, මෙම කර්මාන්තය තුළ අභියෝග රැසක් පවතින බවත් සඳහන් කළේය.

 

 



අදහස් (0)

වසරකට කිරි නිෂ්පාදනය සියයට පහකින් වත් වැඩිකරන්න ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site