වැලිබල් ෆිනෑන්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රංගමුව සහ සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන යන මහත්වරු සහයෝගිතාවට අදාළ ගිවිසුම් හුවමාරු කරගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. එම අවස්ථාවට එක්ව සිටි ආයතන දෙකෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයද ඡායාරූපයේ වෙයි.
ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනවල ප්‍රමුඛයා වන වැලිබල් ෆිනෑන්ස් Piaggio ත්‍රිරෝද රථ සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන සිංගර් සමග නිල වශයෙන් හවුල්කාරීත්වයක් ඇතිකර ගන්නා ලදී. මෙම සුවිශේෂී හවුල්කාරීත්වයෙහි අරමුණ වන්නේ ගනුදෙනුකරුවන් වෙත නව්‍ය හා පහසු ලීසිං විසඳුම් ලබා දෙමින් ශ්‍රී ලංකාව පුරා ගනුදෙනුකරුවන් වෙත Piaggio ත්‍රිරෝද රථ මිලදී ගැනීමේ පහසුව උදාකර දීමයි.
වැලිබල් ෆිනෑන්ස් සහ සිංගර් ශ්‍රී ලංකාහි ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් විසින් මේ සඳහා වන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම හා හවුල්කාරිත්වය පිළිබඳ නිල වශයෙන් නිවේදනය කිරීම පසුගියදා සිදුවිය.
ඒ අනුව මෙම හවුල්කාරීත්වය හේතුවෙන් ගනුදෙනුකරුවන් හට Piaggio ත්‍රිරෝද රථ මිලදී ගැනීමේ දී වැල්බල් ෆිනෑන්ස් වෙතින් සුවිශේෂී ලීසිං පහසුකම් ලබා ගැනීමේ හැකියාව උදාවේ. විශේෂයෙන් ත්‍රිරෝද රථයක අවශ්‍යතාව සහිත ව්‍යවසායකායන් හා කුඩා ව්‍යාපාර හිමිකරුවන් තමන්ට ගැළපෙන ආකාරයේ මූල්‍ය විසඳුම් සමඟින් Piaggio ත්‍රිරෝද රථයක් මිලදී ගැනීමට මෙය කදිම අවස්ථාවක් වනු ඇත.
කාර්යක්ෂමතාව, ඉන්ධන පිරිමැස්ම ඇතුළු සුවිශේෂී ගුණාංග රැසකින් යුත් Piaggio ත්‍රිරෝද රථ මේ වන විට නාගරික මෙන්ම ග්‍රාමීය පළාත්වල ගනුදෙනුකරුවන්ගේ විශ්වාසදායි තේරීමක් බවට පත්ව ඇත. වැලිබල් ෆිනෑන්ස් හි සුවිශේෂී ලීසිං සැලසුම් සහ සිංගර් හි සුවිසල් බෙදාහැරීමේ ජාලය එක්ව ශ්‍රී ලාංකේය ගනුදෙනුකරුවන් වෙත මෙම ප්‍රතිලාභ ලබා දීමට කටයුතු සිදුකර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
වැලිබල් ෆිනෑන්ස් PIAGGIO ත්‍රිරෝද රථවලට ලීසිං විසඳුම් ලබා දීමට සිංගර් ශ්‍රී ලංකා සමග එක්වෙයි