(ඩයනා උදයංගනී)
ව්‍යවසායකයින්ට සහන පොලියක් යටතේ රාජ්‍ය බැංකු මගින් ණය ආධාර ලබාදීමේ අරමුණින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ආරම්භ කරන ‘එක්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ සහ ගමේ සංවර්ධනය වෙනුවෙන් ආරම්භ කෙරෙන ‘ගම්පෙරළිය’ ව්‍යාපෘතීන් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (22) පස්වරුවේ පැවැත්විණි.
ව්‍යවසායකයින් වෙනුවෙන් රන් අස්වැන්න, ගොවි නවෝදා, රිය ශක්ති, රිවිබල සවි, දිරි සවිය, ජය ඉසුර ආදී ණය යෝජනා ක්‍රම 15ක් සහන පොළී අනුපාත යටතේ හඳුන්වාදීම මෙහිදී සිදුකෙරිණි.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල, අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, පාඨලී චම්පික රණවක, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඇතුළු මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
ඡායාරූප - චතුර එස්. කොඩිකාර



COMMENTS
අනේ පිස්සු පුසා.. ලංකාව විනාශ කරන්න
කවුරු හරි දන්නවද මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා මගින් ණය දෙන්නේ මොනවටද කියා... නැතිනම් මේ පිළිබඳ විස්තර දැන ගන්න පිළිවෙලක්.. ගොඩක් ස්තුතියි..!!!
මෙම ණය එක් එක් වර්ග සෑම කෙෂේත්‍රයකටම විහිදී අැත. රවි බල සූර්ය බලය සඳහා ත් ජය ඉසුර කර්මාන්ත සඳහාත් 6,5,% වැනි පොලී අනුපාත යටත් අදාළ ව්‍යාපෘතියේ නියැලීම අනිවාර්ය විය යුතුය එ් සඳහා මහබැංකුව කොන්දේසි පනවා අැත. ළඟම රාජ්‍ය බැංකු වලින් විමසන්න ලංකා /මහජන RDB