IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ව්‍යවසායකයින්ට පළමු වරට ඉලොක්ට්‍රොනික් දත්ත පද්ධතියක්

ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා පළමු වරට ඉලොක්ට්‍රොනික් දත්ත පද්ධතියක් හඳුන්වා දී ඇත.
 
දිවයින පුරා විසිර සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයිගේ තොරතුරු කඩිනමින් ලබා ගැනීම සහ ව්‍යාපාර පහසුවෙන් කරගෙන යෑමේ අරමුණින් ව්‍යවසායකයිගේ තොරතුරු ඇතුළත් ඩිජිටල් දත්ත ගබඩාවක් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් ස්ථාපිත කර ඇත. 
 
ලංකාවේ මෙතෙක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පිළිබඳව ඉලෙක්ට්‍රොනික පද්ධතියක් නොතිබූ අතර නවීනම තාක්ෂණය භාවිතා කරමින්  මෙම  දත්ත පද්ධතිය සකස් කර ඇත. 
 
ව්‍යවසායකයින්ගේ තොරතුරු මෙලෙස පරිගණක ගත කිරීම තුළින් ව්‍යවසායකයින් අතර ව්‍යාපාරික තොරතුරු ලබා ගැනීම, තාක්ෂණික දැනුම හුවමාරුකර ගැනීම, වෙළඳපළ තොරතුරු ලබාගැනීම ,බැංකු කටයුතු පහසු කරගැනීම ආදි කාර්යයන් ඉතා පහසුවෙන් හා කාර්යක්ෂමව කර ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවස්ථාව උදාවෙයි.
 
(63226)



අදහස් (0)

ව්‍යවසායකයින්ට පළමු වරට ඉලොක්ට්‍රොනික් දත්ත පද්ධතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site